එකම පවුලේ පියෙක් දරුවන් දෙදෙනෙකු සමඟ කෝච්චියට පැන තිදෙනාම මිය යයි

එකම පවුලේ පියෙක් දරුවන් දෙදෙනෙකු සමඟ කෝච්චියට පැන තිදෙනාම මිය යයි

වැලිකන්ද, බෝවත්ත ගම්මනයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙක් හා ඔවුන්ගේ පියා කෝච්චියට පැන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගත් අධිවේගී දුම්රියකට මොවුන් පැන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට තුවාල ලැබූවන් පොලොන්නරුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව ‍තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.

වයස අවුරුදු 5 ක හා අවුරුදු 11 වයසේ පසුවන දරුවන් දෙදෙනෙකු සමඟ මෙසේ කෝච්චියට පැන ඇත්තේ වයස අවුරුදු 40 ක් වු තිදරු පියෙකි.

ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මේ වන විට කොළඹ ‍රැකියාවක් කරන බව ද ගම්වාසීන් පවසයි.

මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර මේ වන විට පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබේ.

පවුල් ආරවුලක් මත මෙසේ දිවි නසා‍ ගෙන ඇති බවට පොලීසිය සැකකරයි.

වැලිකන්ද පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *