උ/පෙළ හා ශිෂ්‍යත්ව විභාග මැතිවරණයෙන් පසුව ????

උ/පෙළ හා ශිෂ්‍යත්ව විභාග මැතිවරණයෙන් පසුව ????

මෙවර ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය කල් දමා තිබේ. එය බොහෝ දුරට මහ මැතිවරණයෙන් පසුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන්ගේ සාකච්ඡුාවට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමේදී අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ එය ලබන 9 වැනිදා හෝ 10 වැනිදා අධ්‍යාපන බලධාරීන් පවත්වන සාකච්ඡුාවලින් පසුව 11 වැනිදා හෝ 12 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර පාසල් විවෘත කරන දිනය සම්බන්ධයෙන් ඊයේ (06 දා) වන තුරුම නිශ්චිත තීරණයක් ගෙන නැත. එය ඉතාම ප‍්‍රවේසමෙන් ගත යුතු තීරණයක් බවත් රජය තීරණය කරන ඕනෑම මොහොතක අමාත්‍යාංශය ඊට සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්. එච්. එම්. චිත‍්‍රානන්ද මහතා ‘දිවයින’ට පැවසීය.

පාසල් ඉක්මනින් විවෘත කළ යුතු බව විවිධ පාර්ශ්ව පැවසුවද දරුවන්ගේ ජීවිත ඉතාම වටිනා බවත් යම් ලෙසකින් පාසල් හරහා කොරෝනා ව්‍යාප්තියක් ඇති වුවහොත් එය දෙමාපියන් අතර පවා ව්‍යාප්තවී විශාල ව්‍යසනයක් විය හැකි බැවින් පාසල් විවෘත කිරීම ප‍්‍රවේසමෙන් කළ යුතු බවත් එම නිසා එම තීරණය සියලූ තත්ත්ව සලකා බලා සෞඛ්‍ය නිර්දේශ අනුව රජය ගනු ඇති බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *