උදයංග මෙරටට ගේනවා–අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න— හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

උදයංග මෙරටට ගේනවා–අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න— හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට තමා කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(18) අනුරාධපුර ප්‍රෙද්ශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

තමාගේ හිතවතෙක් වශයෙන් ඕනෑම වේලාවක එවැනි ආරාධනයක් කළහොත් උදයංග වීරතුංග මහතා නිසැකයෙන්ම මෙරටට පැමිණෙන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව උදයංග වීරතුංග අල්ලා ගැනීමට දරණ උත්සහය අර්ජුන මහේන්ද්‍රන් වැනි පුද්ගලයෙකු අල්ලා ගැනීමට යෙදවුයේ නම් එය ප්‍රතිඵල සහිත බවද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා අගමැතිවරයාගේ මිතුරෙකු වන බැවින් මෙරටට ගෙන්වා ගැනීමට කථා කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *