උතුරේ තල් මල් සුවඳත් දකුණේ පොල් මල් සුවඳත්

  උතුරේ දමිළයෝ දකුණේ සිංහළයෝ එක්වු මිනිස්කමේ රිද්මය

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න

මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න

තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න

මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

ශ්‍රී ලාංකීය ජාතිය සහජීවනයේ රිද්මයට

ජාතික සහජීවනය තරුණ තරුණියන් අතර ඇති කිරීම මුලික කර ගනිමින් ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කර සංහිදියාව සදහා නෑ ගම් යාමේ දකුණු පළාත් ප්‍රථම වැඩ සටහන පසුගිය දා ගාල්ල කේන්ද්‍රගත කරගනිමින් ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල බල සීමාවේ දී පැවැත්විණි. මේ සදහා උතුරු පළාතේ කිලිනොච්චිය නියෝජනය කරමින් තරුණ තරුණියන් 30 දෙනෙකු සහභාගී විය.  මෙම අපුරු අවස්ථාව සදහා දකුණු පළාත් වෙනුවෙන් ඉමදුව ගොඩඋඩ රෙඩ් ඊගල් යෞවන සමාජයේ සමාජික සාමාජිකාවන් එක්විය.

කිළිනොච්චියෙන් පැමිණි යෞවන යෞවනියන් ඉමදුව හවුපේ ශ්‍රී සුදර්ශණාරාමයේ දී උණුසුම් අයුරින් පිළිගත්තේ ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී, තරුණ සේවා සභාභාවේ ගාල්ල අධ්‍යක්ෂ වී.කේ මහින්ද හා ඉමදුව තරුණ සේවා නිළධාරී බන්දුල සිරිනාථ හිටපු ඉමදුව ප්‍රා දේශීය සභාවේ සභාපති උදාන කුසුම්සිරි ඇතුළු පිරිසකි. අපුරු හමුවක් වු මෙයින් පසු කිළිනොච්චියෙන් පැමිණි තරුණ තරුණයින් රෙඩ් ඊලග් යෞවන සමාජයේ යෞවන යෞවනියන්ගේ නිවෙස් වල නවාතැන් සදහා පිටව ගියේ සහෝදරත්වයේ දෑත් ජාති කුල මල ආගම් භේද වලින් තොරව දිගු කරමිනි. මෙම වැඩ සටහනනේ අපුර්වත්වය ආරම්භ වන්නේ ඉන්පසුවයි. එම නිවෙස් වන දින පහක කාලයක් ගත කිරීමටත් ඔවුන් සමඟින් අත්දැකීම්, භාෂාවේ අපුර්ත්වය,කාලගුණ දේශගුණික දේශගුණික වෙනස්කම්, සංස්කෘතිකමය වෙනස් කම් මෙන්ම සමානකම් ද බෙදා හදා ගැනීමට ඔවුන්ට උතරේ මෙන්ම දකුණේ තරුණ තරුණියන්ට ද හැකියාව ලැබිණි.

දෙවන දිනය ආරම්භ වන්නේ ගාල්ලේ වැදගත් ස්ථාන නැරඹීමේ අපේක්ෂාවෙනි. ගාල්ල කොටුව, උණවටුන,මෙන්ම ගාල්ලේ වෙරලේ අසිරිය විචගැනීමට ලැබීම උතුරේ තරුණයන්ට අපුර්වත්වය ගෙන එන්නක් විය. ඉන්පසුව ගෙවුණු දවස් විවිධත්වයෙන් පිරී තිබිණි. ගිණිමැල සංදර්ණ, රාත්‍රී සංස්කෘතික සංදර්ශණ, දෙමල සිංහල ගීතය සම්බන්ධයෙන් රසවින්දන වැඩ සටහන්, මෙන්ම ඉමදුව රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සදහා ද මෙම උතුරේ තරුණ පිරිස සහභාගී වුයේ දැඩි කැමැත්තකිනි. දැඩි ආශාවකිනි. තල් රුප්පාවෙන් පොල් රුප්පාවට ආ මේ ගමන විවිධත්වයෙන් පිරුණු දකුණේ සංස්කෘතික අංගයන් හා තරුණ තරුණියන් සංහිදියාවෙන් බැදෙන වැඩ සටහනක් විය.

වසර 30 ක් පරම්පාරා දෙකක් පමණ අවි අයුද ගැටුමක් ඇතිවුයේ ඇයි යන්න පවා බලා සිටින්නන්ට ප්‍රශ්නාර්ථයක් එක්කරමින් මෙම දින පහ රටේ සංහිදියාව මල්ළුල ගන්වමින් පැවැත්වීමට ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය හා ජාතික තරුණ සේවා සභාව කටයුතු කර තිබීම අගය කර යුතුය.සිංහල සින්දු නලලේ තිලක තියන කිරිල්ලියේ තුඩින් හදවත් අරගෙන ගිනිගත් තල්අරඹට ආවා දෝ ඉගිල්ලී. සමුගැනීමේ උත්වසයේ දී දකුණේ තරුණයයෙකුගේ හඩින් මෙම ගීතය අපුරුවට ගායනා කෙරිණි. කරුණාරත්න දිවුල්ගනේ මහතා මීට වසර ගණනකට පෙර ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්  තෙමා අහසේ හඬන චන්දිරන් ගීතය ගායනා කරන විට කිසිවිටක මෙවන් සංහිදියාවක් මේ රට තුල ක්‍රියාතමක වේ යැයි සිතන්නේ නැතිව ඇත ඒ නිසාම රත්න ශ්‍රී විජේසිංහයන්  ඒ ගීතයට පහත පද පේලි එකතු කරන්නට ඇත.

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න

මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න

තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න

මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

සැබවින්ම අද වන විට සියල් සිරිත් දෑ කුලගොත් ආපසු ගන්නට අවශ්‍ය වී නැත. ඒ සියළු දේ සමගින් ශාන්තිනිය ගන්නට තරම් ශ්‍රීලංකීය සමාජය මනසින් අධ්‍යාපනයෙන් පොෂණය වී සහ පෝෂණය වෙමින් පවතී.  මෙවන් සංහිදියා වැඩ සටහන් එවන් ශ්‍රීලාංකීය සාමාජයක් සෑදීම සදහා පාර කපමින් සිටී. එය මනාව පැහැදිලි වන්නේ දින පහක් දකුණේ සමාජය තුල රැදී සිටි උතුරේ තරුණ්‍ය ය දකුණේ තාරුණ්‍ය වැලද ගත්තතේ ඉමහත් අපුර්වත්වයකිනි. ඔවුන් එකිනෙකාගෙන් සමුගනිද්දී ඔවුන්ගේ දෑස් වලට ආවේ ජාති වාදී ගිනිදැල් නොවේ. සැබවින්ම ඔවුන්ගේ දෑසින් පැමිණියේ සහෝදරත්වය වෙනුවෙන් දෑසින් පැමිණි කදුළුය. ජාතීවාදී කදුළු වෙනුවට රටක ජනතාවගේ දෑසින් සහෝදරත්වයේ කදුළු පැමිණීමට තරම් අද සමාජය මෙවන් සංහිදියා වැඩ සටහන් තුලින් පැමිණ තිබීම සතුටට කරුණකි. ඡායාරූපවලින් දැක්වෙන්නේ එම අවස්ථාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *