උතුරේ දිස්ත්‍රික්ක 05 ක ඇදිරි නීතිය ලබන අගහරුවාදා පෙරවරු 06 දක්වා දීර්ඝ වෙි

උතුරේ දිස්ත්‍රික්ක 05 ක ඇදිරි නීතිය ලබන අගහරුවාදා පෙරවරු 06 දක්වා දීර්ඝ වෙි

මන්නාරම / වව්නියාව / මුලතිව් / කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක සඳහායි මෙලෙස ඇදිරි නීතිය ලබන 24 වනදා උදේ 06 දක්වා ඇදිරි නීතිය දීර්ඝ කර ඇත්තේ.

මේ දිස්ත්‍රික්කවල 24 උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී.

දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත.

උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *