උතුරු කොරියාව මිසයිලය අත් හදා බැලීම ශ්‍රී ලංකාව හෙලා දකී
උතුරු කොරියාව විසින් සිදුකල මිසයිලය අත් හදා බැලීම ශ්‍රී ලංකාව හෙලා දකින බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ කොන්දේසි බිඳ දැමීමක් බව ඒ නිවේදනයේ සඳහන්. උතුරු කොරියාව දිගින් දිගටම ජාත්‍යන්තර සාමයට බලපෑම් එල්ල කරමින් සිටින බවද සදහන් කර තිබෙනවා.