උතුරු කොරියාව අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි.
උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා. ප්රථම වරට මෙවැනිම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූයේ මෙම මස මුල් සතියේ දී වන අතර මෙය මේ වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ 14වන මිසයිලයයි.
විනාඩි 47ක කාලයකදී සැතපුම් 2300ක දුරක් ගමන් කර ජපන් මුහුදේ ආර්ථික කලාපයට මෙම මිසයිලය වැටී තිබෙනවා..
ඇතැම් විශේෂඥයන් පවසන්නේ විහිදුම් පරාසය අනුව මෙම මිසයිලයට ඇලස්කාව දක්වා ලඟා විය හැකි බවයි.