උණ රෝගින් ප්‍රමාණය ඉහළ යයි……මෙන්න අලුත්ම තත්ත්වය 1900යි….

උණ රෝගින් ප්‍රමාණය ඉහළ යයි……මෙන්න අලුත්ම තත්ත්වය 1900යි….

දකුණු පළාතේ පවතින උණ රෝගය නිසා පසුගිය කාලය අතුලත රෝගීන් 1900 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ගෙන හා ප්‍රතිකාර අරගනිමින් සිටන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී.විජේසුරිය මහතා පවසයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඔහු මෙසේ ද පැවසීය,

මේ කාලය තුල දකුණු පළාතේ සියළු රෝහල් වල රෝගීන් 1600 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගෙන පිටව ගොස් ඇති අතර මේ වන විට තවත් 300 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා. ගාල්ල කරාපිටිය රෝහලේ දරුවන් 14 දෙනෙක් සහ මාතර මහ රෝහලේ වැඩිහිටියන් 06 දෙනෙකු මියගොස් තියනවා. දකුණු පළාතේ රෝහල් සදහා ජනාධිපතිවරයා මා හට බලය පවරා තියනවා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව භාණ්ඩ ලබා ගන්න කියලා
. ඒ වගේම ඒ සදහා මිලියන 30 ක ප්‍රතිපාදනත් ලබා දී තියනවා. කාර්ය මණ්ඩල වලත් අපිට මේ දිනවල උග්‍ර අවශ්‍යතාවයක් තිබුනා. ඒ සදහාත් බලය ලබා දුන්නා අවහ්‍ය අය බදවා ගැනීම් සදහා. ඇල්පිටිය රෝහලේ තව දුරටත් සෑහෙන පිරිසක් ප්‍රතිකාර ලබනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල මෙය නිවාරණය කර ගැනීමට හැකි වේවි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *