ඊෂිකැෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත ඇල්පිටියේ කුඩු මයිකල්ගේ ගෝලයෝ අල්ලයි.

ඊෂිකැෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත
ඇල්පිටියේ කුඩු මයිකල්ගේ ගෝලයෝ අල්ලයි.

නවතම ඊෂිකැෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවකු හා මත්කුඩුවලට අධික ලෙස ඇබ්බැහි වු තවත් පුද්ගලයින් හතර දෙදෙනෛකු (04) ගාල්ල ඇල්පිටිය අටකොහොත අධිවේගි ගුවන් පාළම අසලදි ඇල්පිටිය කොට්ඨාස දුෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරු ළඟ හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 6720 ක් තිබි පොලිසිය මගින් සොයාගෙන ඇත. අනික් සැකකරුවන් සිව්දෙනා හෙරෙයින් මත්කුඩු මිලිග්‍රැම් 340ක්,720ක්,860ක් හා 380ක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහ මොලකරු වු මත්කුඩු ජාවාරම්කරු ඌරගහ ප්‍රදේශයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන මයිකල් නමැත්තාගේ සමිපතයකු බවට පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.. මෙම සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඇල්පිටිය පොලිසියට භාරදි තිබෙන බව,පොලිසිය කියයි.

ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිහාල් තල්දුව, සහකාර පොලිස් අධිකාරි කලාප අංක (01) මහේෂ් කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්මත කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ආර්.ඩබ්ලිව්.එස් කේ වික්‍රමසිංහ පො .සැ .58861 ප්‍රියදර්ශන, පො කො 58409 ජයලාල, පො කො 61230, සිල්වා පො.කො 39675, නදිර,පොලිස් ආරක්ෂක සහායක 3078 මංගල, , යන නිලධාරින් මෙම වැටලිම සිදු කරණු ලැබිණි.

@
හොර තරුණාය නිවසේ සිවිලිමෙන් මතුවේ.සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.06.28

තම ඥාතියකුගේ නිවැසියන් මළ ගෙදරක ගොස් සිටියදි යක්කලමුල්ල උඩුමගල ප්‍රදේශයේ නිවසක සැගවි සිටි පොලිසියට අවශ්‍ය සැකකරුවකු පෙරේදා (27) රාත්‍රි නිවැසියන් විසින් අල්ලා පොලිසියට භාරදුන් බැව් යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පො.ප දමිත පෙරේරා පවසයි.

උඩුමගල ප්‍ර දේශයේ නිවසකට ඇතුල්වි නිවෙස්හිමියකුට පහරදිමක් සම්බන්දයෙන් මොහු පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවෙකු වන අතර මාස හතරක් තිස්සේ මොහු පොලිසියට කට්ටි පනිමින් සිටි බව යක්කලමුල්ල පොලිසිය කියයි. සැකකාර තරුණයා සැඟවි සිටි නිවසේ නිවෙස් හිමියන් මළගෙදරක ගොස් පෙරේදා රාත්‍රි යලි නිවසට පැමිණ තිබේ. එදින රාත්‍රි දැඩි වර්ෂාවක්ද පැවති අතර සිවිලිමෙන් වතුර සාලය මතට වැටි තිබේ. පසුව මේ ගැන නිවෙස් හිමියා විසින් විපරම්කර බැලිමේ දි සැකකාර තරුණයා නිවෙස් සිවිලිමේ සැඟවිසිටින අයුරු නිවෙස් හිමියා දැක තිබේ. පසුව අනාවරණය වි ඇත්තේ නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ මෙම තරුණයා වහලයේ උළු ඉවත්කොට නිවසට ඇතුල් වි ඇති බවය.සැකකාර තරුණයා නිවසට ඇතුල්වුයේ සොරකමක් කිරිම සදහාද නැතිනම් වෙනත් කටයුත්තකට යන්න පිළිබද යක්කලමුල්ල පොලිසිය මගින් පරික්ෂණයක් ආරම්භකොට තිබේ. පසුව නිවැසියන් විසින් පොලිසියට දැනුම්දිමෙන් පසු මොහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත පෙරේරා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *