ඉන්ධන මිල සූත්‍රය අගමැති ළගත් නැතිලු
ඉන්ධන මිල සූත්‍රය අගමැති ළගත් නැතිලු
ලංකාවේ තෙල් මිල උච්චාවචනය වන “මිල සූත්‍රය” තමන් ළඟ ද නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කෙසේ වෙතත් එම මිල සූත්‍රය ජූලි මාසයේ සිට කමිටුවක් මඟින් ක්‍රියාත්මක වන බව ද අගමැතිවරයා කීවේය.
ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන ඉන්ධන මිල සූත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලමින් වික්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
“මේ මිල සූත්‍රය ගැන වැඩි විස්තර මුදල් ඇමැතිතුමාගෙන් විමසන්න පුළුවන්. ජූලි මාසයේදී ඉඳන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ අවශ්‍ය තීන්දු ගන්න. ඒ අනුවයි සෑම මසකම 10 වැනිදාට මේ මිල වෙනස්වීම සිදුවන්නේ. අද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල විශාල ලෙස ඉහළ ගිහින්. බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 80කට ගිහින්.
තවදුරටත් වැඩිවෙන එක ගැන අපිට හිතන්න බෑ. අද අපට විශාල ප්‍රශ්නයක් වී තියෙන්නේ ඉරානයේ සම්බාධක පැනවීම ඒ වගේම ඩොලරයේ වටිනාකම ඉහළ යෑම. අපිට ජනතාවට සහන දෙන්න අවශ්‍යයි. රජයක් හැටියට අපි එය කරනවා. නමුත් ඊට මුහුණ දෙන්න වෙන්නේ අපිට මේ ආර්ථික අර්බුදත් එක්කයි” යැයි අගමැතිවරයා කීවේය.