ඉන්ධන මිල යලි අඩු කරන්න හැකියි — අගමැති
ඉන්ධන මිල යලි අඩු කරන්න හැකියි — අගමැති
ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවූ පසු මෙරට ඉන්ධන මිලද අඩු කිරීමට අපේක්ෂා කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ගාල්ල, හික්කඩුව ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
රුපියල් ලක්ෂ 680 ක වියදමින් ඉදිකළ හික්කඩුව ප්රදේශීය ලේකම් කොට්ඨාශයේ නව සිව් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම අද (12) පස්වරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල පාලනය කිරීමට අපට හැකියාවක් නොමැති බවත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වන විට මෙරට තෙල් මිල වැඩි වීමටත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වන විට එම වාසිය ජනතාවට ලබාදිය යුතු බවයි.