ඉන්දික අනුරුද්ධ කියන්නේ හොඳ බෞද්ධයෙක් ඔහු වැනි නායකයින් පත්කර ගත යුතුයි

ඉන්දික අනුරුද්ධ කියන්නේ හොඳ බෞද්ධයෙක්–පාර්ලිමේන්තුවට ඔහු වැනි නායකයින් පත්කර ගත යුතුයි–මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ඉන්දික අනුරුද්ධ කියන්නේ හොඳ බෞද්ධයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් එහෙම කියන්නේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි- ඇයි ?කියා අපි මෙම සටහන තුළින් හා වීඩියෝව නැරඹීමෙන් ඔබට වටහා ගත හැකි වනු ඇත

දුර්දාන්න්තයි විසින් රටට කරපු දේවල් මතකයි. දිවුලපිටියට ගම්පහට විතරක් නෙවෙයි රටට කරපු දේත් අපට හොඳට මතකයි. ජාතික සම්පත් වනසපු හැටිත් මතකයි. රටේ ණය කන්දරාව මිලියන ගණනින් නොව ට්‍රිලියන ගණනින් තමයි කියන්න වෙන්නෙ. අද වන විට කිසිදු සම්පතක් ඉතිරි වෙලා නෑ. පහුගිය කාලෙ වවන්න බැලුවා. ඒත් බීජ නෑ. පොහොර නෑ. බීජ ගේන්නේ මැලේසියාවෙන්. පෝර ටිකත් පිටරටින්. වවන මිනිහාත් මහ පොළොවත් විතරයි අපේ. රට බේරා ගන්නට නම් දුර්දාන්තයන් ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා යනුවෙන් ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පුකාශ කළහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ දිවුලපිටියේ පැවති සංඝගත දක්ෂිණාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනයක් අතරතුරදී ය. එය සංවිධානය කොට තිබුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරාපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතාට ආශිර්වාද කරනු පිණිසය. ධම්මරතන හිමියෝ මෙසේද කියා සිටියහ.

මේ පෞද්ගලික දේශපාලන කාරණා සඳහන් කරන වෙලාවක් නෙවෙයි. ඒත් වැදගත් කරුණු කීපයක් පමණ කිව යුතුයි. දේශපාලනය යනු එකක්. පක්ෂ දේශපාලනය යනු තවත් එකක්. දේශපාලනය කියන්නේ ශාස්තුයක්. එකට දාපු වැරදි නම තමයි දේශපාලන විද්‍යාව. දේශපාලන ශාස්ත්‍රය අපේ රටේ දරුවන්ට අවුරුදු හයක් ඉගැන්වෙනවා. සාමාන්‍ය පෙළ පන්තියේදීත්, උසස් පෙළ පන්තියේදී අවුරුදු දෙකකුත්, විශ්ව විද්‍යාලයේ අවුරුදු හතරකුත් දේශපාලන ශාස්ත්‍රය ඉගැන්වෙනවා.එහෙම කරලත් ඉගෙන ගන්න තියෙන්නෙත් දේශපාලනය ගැන අංශු මාත්‍රයක්. ඒ නිසා දේශපාලනයේ සර්ව සම්පූර්ණ කිසිකෙනෙක් නෑ.

දේශපාලනය සහ සහ පක්ෂ දේශපාලනය අතර වෙනස හරියට ගරාජ් එකයි අඩුවයි වගේ. දේශපාලන කියන්නේ මත හා මතාන්තරයි. පක්ෂ දේශපාලනය යනු බලය ලබා ගැනීමේ ලබා ගැනීමේ යාන්ත්‍රික මෙවලමයි. අද අප මෙහි සහභාගි වී සිටින්නේ දෙවැනියට කී යාන්ත්‍රික වැඩ පිළිවෙළටයි. මෙහි ඉන්නේ දිවුලපිටිය මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබන ඉන්දික අනුරුද්ධ කියන සත් පුරුෂ තරුණ නායකයායි.

යුගයේ අවශ්‍යතාවය සහ දවසේ අවශ්‍යතාවය යනුවෙන් දෙකක් තියෙනවා. විහාරයකට, ගෙදරකට වුණත් එහෙමයි. කළමනාකරණයේ දී උගන්නනවා සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැසුම කියලා දෙකක්. සංයුක්ත සැලසුම යනු අඩුම අවුරුදු පහක් වත් ඉදිරියට කරන්න තියෙන වැඩ සටහනයි. ඒ ඒ දිනට ඒ ඒ වෙලාවට අදාල වැඩ බෙදා ගැනීම ක්‍රියාකාරී සැලැස්ම යි. ක්‍රියාකාරී සැලැස්ම තුළ සුවහසක් කටයුතු සම්පාදනය වෙනවා. එහි සැලැස්ම හරියට ක්‍රියාත්මක කරන්නට පුළුවන් ලොකුමහත්තයා දැන් ඇවිල්ලයි ඉන්නේ. ලොකුමහත්තයාගේ සම්ප්‍රාප්තිය නිසා පමණක් සන්තෘප්තිය ලබලා කටයුතු කිරීම කිරීම සබුද්ධික නෑ.

ඔහු පෙන්වන මාවතේ යමින් දුර්දාන්තයින්ගෙන් රට බේරා ගැනීමේ සමස්ත වෑයමේ අද දවසේ කොටසයි අපි මේ ඉටු කරමින් ඉන්නෙ. අද දවසේ කොටස යනු දුර්දාන්තයින් එළවා දමා මේ රට බේරා ගැනීමයි. එයට ගැලපෙන මෙවලමක් තිබෙනවා. මේ මෙවලම හැටියටයි අපි ඉන්නේ. එසේ එළවා දැමීමට නම් පොහොට්ටුවෙන් ගැසිය යුතුයි. ගහලා පන්නන්න පුළුවන් වෙන්නෙත් පොහොට්ටුවෙන් විතරමයි. මේ ඒකට වෙලාවයි. මේ රට බේරා බේරා ගත යුතුයි. රට බේරා ගන්නේ සම්බුද්ධ ශාසනය බේරා ගත යුතු නිසයි. ඒ සඳහා මේ ඉන්දික මහතා වැනි නායකයන් පත්කර ගත යුතු වෙනවා. 21 විසි එක් වන සියවස කරා යන ගමනේ නියෝජිතයා ඔහුයි. ආයෝජනය ඔහුයි.

ඔහු හොඳ බෞද්ධයෙක්. දැන් කවුරු හරි කියයි හාමුදුරුවන්ට වැරදිලා කියලා. ඕනෑම ආගමක තියෙනවා ආගමික භාවය සහ ලියාපදිංචිය කියලා දෙකක්. ලංකාවට බුද්ධාගමට සංගතව ගත්තාම බුද්ධාගම්කාර කම සහ බෞද්ධකම කියලා දෙකක් තියෙනවා. මේ රට තවමත් පිරිපුන් බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි. රාජ්‍යයක් හැටියට බුද්ධාගම්කාරයි. භාවය බෞද්ධයි. ලියා පදිංචි සිංහලයො ඉන්නවා. එහෙත් සිංහල භාවය නෑ. ඒ නිසයි ජිනිවා ගිහිල්ලා රටට එරෙහි යෝජනා ගේන්නේ.

ඉන්දික අනුරුද්ධ මහතා අංක එකට දිවුලපිටිය වෙනුවෙනුත්, අංක දෙකට දෙකට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙනුත් අංක තුනට රට වෙනුවෙනුත් පෙනී සිටින්නට ඕනෑ. රට වෙනුවෙන් ගහන්න ඕනෑ පොතකින් නම් පොත්තකින් ගහන්නට ඕනෑ. නිර්භිත නායකයෙක් ලෙස රට වෙනුවෙන් හඬ නගන්න ඕනෑ. අප කතා කළේ අප වෙනුවෙන්, වැඩ කළේ රට වෙනුවෙන් කියලා කියන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම පුළුවන් කෙනෙක් නිසයි අපි ඉන්දික අනුරුද්ධ මහතාව තෝරා ගත යුත්තේ.

ඔහු කොහොමද බෞද්ධ වෙන්නේ? දිවුලපිටියේ විහාරාධිපති සංගමය සක්‍රීයව පවත්වා ගෙන යමින් ඊට නිසි ගෞරවය සහ අංකය ලබා දෙමින් කටයුතු කරන නිසයි. ඔහු කිසිම දවසක ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපහාස කරන්නේ නෑ. අප සමග නිතර ම ඉතා සුහදව කටයුතු කරන එතුමන්ට මහා සංඝ රත්නයේ ආශිර්වාදය හිමි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *