ඉදිරි පාර්ලිමේන්තුවේ දී විනයගරුක බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි -පා ම .සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඉදිරි පාර්ලිමේන්තුවේ දී විනයගරුක බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි -පා ම .සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

-පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙි බව ප්‍රකාශ කළේ ගම්පහ දිසා ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකින්ව අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි

පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර තැනක්. ගෞරවය රකින්න ඕනෑ මන්ත්‍රීවරයෙක් වේවා මන්ත්‍රීවරියක් වෙිවා බොහොම සංවරව හැසිරෙන්න අවශ්‍යයි.හොද වචන පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒක කාන්තාවක් ද පුරුෂයෙක් ද කියලා නෙවෙයි. පාවිච්චි කල සමහර වචන ගැන කණගාටු වෙනවා. ඒකෙන් ලංකාවාසීන් ද අපහසුතාවයට පත්වෙනවා. මන්ත්‍රීවරු දැනගන්න ඕන පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට හැසිරෙන්න. ඒක නිසා ඉතාමත් අශෝභන වචන පාවිච්චි කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරනවා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳ දැක්මක් තියෙනවා.දැනට යන්න වී ඇත්තේ මේ තියෙන පාර්ලිමේන්තුවත් සමඟ. ඉදිරියේදී පාර්ලිමේන්තුවට හොඳ අපේක්ෂක කණ්ඩායමක් එතුමා ඉදිරිපත් කරාවි. මේ රටේ ජනතාව තමා ඒ අය තෝරාගත යුත්තේ ජනතාව ජනතාව වෙනුවෙන් පෙනී සිටිය හැකි හොඳ විනයක් තියෙන බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතුයි.

පාර්ලිමේන්තුවේ ඕපාදුප කතා කිරීම ගැන ඔබතුමිය සිතන්නේ කුමක්ද?

පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැනක්. ප්‍රතිපත්ති යෝජනා කරන තැනක්. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරලා විසඳුම් සොයන තැනක්. විහිළුකාරයින් නිසා අද හෑල්ලුවට ලක් වෙලා තියෙනවා. සමහරු නැති ප්‍රශ්න මවා රටේ ප්‍රශ්න වෙන පැත්තකට යොමුකරවමින් සිටිනවා. පසුගිය රජය යටතේ සිදු වූ දූෂණ අක්‍රමිකතා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තිබෙන බැදීම් හැලහැප්පීම් සියල්ල අමතක කරන්න වෙනත් අතට අතට අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒක අපි ඉතාමත් පිළිකුල් ලෙස හෙලා දකින්න අවශ්‍යයි.
පසුගිය කාලේ අපි දැක්කනෙ තිරනාටකයක් වගේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ විවිධ නාට්‍ය රගපෑවා.අපි දකින්නේ පාර්ලිමේන්තු ජෝක් එකක් තමා .ඒවා පිලිකුලෙන් යුතුව හෙළාදකින අවශ්‍යයි. ජනතාවට පුළුවන් බුද්ධිමත්ව ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී රටට වැඩක් කරන්න පුළුවන් සාධනීය කරුණු කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ විනයක් තියෙන හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න.ඉතින් මේ වගේ ජෝකර්ලා එවන්න එපා.

ජනපති ගෝඨාභය අගමැති සජිත් කියලා සංකල්පයක් එජාපය විසින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෙන එන්න උත්සාහ කරනවා ඒ ගැන ඔබතුමියගේ අදහස කුමක්ද

ඒකත් ඉතිං අහසේ මාලිගා හදනවා වගේ වැඩක්.. ජනතාව එක්සත් ජාතික පස්සේ එපා කියලා තමා ගෝඨාභය මහත්තයට ලක්ෂ 69 කට වැඩිය ඡන්දය ප්‍රකාශ කළේ. මේ රටේ ජනතාවට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව රට ගොඩනගන්න පුළුවන් රජයක් පිහිටවන්න. අපේ ජනාධිපතිතුමාට සජිත් සමග වැඩ කරන්න බැහැ. ඒක නිකන් නොගැළපීම් දෙකක් පොළොව වගේ අහසට පොළොව වගේ. එහෙම වුනොත් ඒක ගිය අවුරුදු හතර වගේ රටේ කාලය නාස්ති වේවි.ජනතාවගේ කාලය නාස්ති වෙයි.ඒක නිසා හීනයක් විතරයි

මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත් මෙරට ජනතාව එදා දැක්කා රනිල් අගමැති ජනපති මෛත්‍රීපාල යටතේ රට කොහෙටද ගමන් කළේ කියලා නිසා රටේ ජනතාවට එකතැන පල් වෙන්න අවශ්‍ය නැහැ ඉස්සරහට ගිහිල්ලා අලුත් ගමනක් යාමටයි අවශ්‍ය ඒක නිසා අනිවාර්යෙන්ම මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති වශයෙන් කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතායි නැවත අගමැති පුටුවේ වාඩි වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි ඔවුන් දෙදෙනා රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇති බවටයි ජනතාව බලාපොරොත්තු වන්නේ

එක්සත් ජාතික පක්ෂය මෙතරම් බංකොලොත්ද වී ඇත්තේ ඇයි?
ඒ ගොල්ලෝ එහෙම කියලා හිත හදාගන්න බලනවා. පක්ෂය ඇතුළේ නායකත්වයට දරුණුවට ගැටුමි තියෙනවා. විවිධ පාර්ශව විවිධ දේවල් කියනවා. කියලා කෙටිකාලයකට හරි සිත සනසා ගන්න බලනවා. ඡන්දෙකට ගියොත් අන්ත පරාජයක් ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *