ඉතිහාසයේ වැඩිම බාල්දුව–. ඩොලරය හමුවේ 168 ට නගි
ඉතිහාසයේ වැඩිම බාල්දුව–. ඩොලරය හමුවේ 168 ට නගි
අද දිනයේදීද ඇමරිකා ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල විශාල පසුබෑමකට ලක්ව ඉතිහාසයේ වැඩිම බාල්දුව පෙන්වා තිබේ.
මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 165.08ක් හා විකිණුම් මිල 168.63ක් වෙයි.
ඪයේ දිනයේදී මහ බැංකුව සදහන් කලේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.87ක් හා විකිණුම් මිල 167.41ක් ලෙසිනි.
ඒ අනුව දිනක කාලයක් තුල රුපියල ඩොලරය හමුවේ 1.22කින් බාල්දු වී ඇත.
අද වන විට ඩොලරය හමුවේ බාල්දු වන ලෝකයේ සෙසු ප්රධාන මුදල් ඒකක සමගින්ද රුපියල විශාල බාල්දුවකට ලක්ව තිබීම විශේෂත්වයකි.