ඇමෙරිකාව ගිනි ගනී
ඇමෙරිකාව ගිනි ගනී
මිහිතලයේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයේ ඊයේ (17) වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4 ක්. අමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය එය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. එරට බටහිර වෙරළේ තාප තරංග ඇති වීම හේතුවෙන් උෂ්ණත්වය ඉහළ අගයක් ගෙන තිබෙනවා. මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය ලෙස 2013 දී ඩෙත්වැලි ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 54 ක උෂ්ණත්වයක් වාර්තා වුණා. උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගියදා ලාසන් ප්‍රාන්තයේ ගිනි ගැනීමක් ද හටගෙන තිබෙනවා. උෂ්ණත්වය ඉහළ යාම ඉදිරියේදී රටවල් රැසකටම බලපෑ හැකි බව විශේෂඥයින් ප්‍රකාශ කරනවා. මිනිස් ක්‍රියාකාරකම් මේ කෙරෙහි ප්‍රබල ලෙසම බලපා තිබෙනවා. පරිසර දූෂණය ඉහළයාම ඊට ප්‍රධාන හේතුවයි.