ඇමැති ජෝන් අමරතුංග .නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක සමග සටන් වදි?????
ඇමැති ජෝන් අමරතුංග .නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක සමග සටන් වදි?????
නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්ඩුවේ සිටිමින් පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අද (26වැනිදා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉල්ලා සිටින බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා “) පැවසීය.
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුවද මෙය විනය විරෝධී බව පැවසූ ජෝන් අමරතුංග ඇමැතිවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමට හදන ඇතැමුන්ට තමන්ගේ ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ බව කීවේය. ජෝන් අමරතුංග ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
එකට ආණ්ඩුවේ ඉඳලා ඇමැති තනතුරු ලබාගෙන පක්ෂ නායකත්වය විවේචනය කිරීම යුක්ති සහගත නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැවසිය යුතුයි.
මේ සම්බන්ධයෙන් තමා ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව නි. ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය.
පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමා ගරු කරන බවද හෙතෙම පැවසීය.
දිවයින