ඇමති මංගලට රට ගැන හැගීමක් නෑ.. . ඔහු ගැන කණගාටුයි..-අතුරලියේ රතන හිමි

ඇමති මංගලට රට ගැන හැගීමක් නෑ.. . ඔහු ගැන කණගාටුයි..-අතුරලියේ රතන හිමි

ඇමති මංගලට රට ගැන හැගීමක් නෑ.. වැඩ කරන්නේ විදෙස් න්‍යාය පත‍්‍රයකට.. ඔහු ගැන කණගාටුයි..- රතන හිමි
මුදල් ඇමති මංගල සමරවීරගේ ක්‍රියාකලාපය ගැන තමන් වහන්සේ කණගාටුවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇමති මංගල සමරවීර කටයුතු කරමින් සිටින්නේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව බවයි.

ඔහුට රට ගැන හැඟීමක් නැති බවත් ඔහුගේ න්‍යාය පත්‍රය පරාජය කරන ලද්දේ මීට බොහෝ කලකට පෙර බවත් රත්න හිමියෝ කියා සිටිති.

සියලු පාර්ශ්වයන්ගේ සහයෙන් බලයට පැමිණ එක් පාර්ශවයකට වුවමනා පරිදි පමණක් කටයුතු කිරීම ගැන තමන් කනගාටුවට පත්වන බවද රතව හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

උන්වහන්සේගේ මෙම අදහස් පළ කරන ලද්දේ අගරදගුරුතුමන්ගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමැති සමරවීර විසිනි දක්වන ලද රළු ප්‍රතිචාරය සම්බන්ධයෙන් සිය මතය පළ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *