ඇප ලැබුණු ජනපති කාර්යමණ්ඩල ප්‍රධානී අධිකරණයේදී සංවේදීවේ

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ සංස්ථා සභාපතිට සිව් මසකට පසු ඇප නියම වෙයි

අල්ලස් චෝදනා ලැබූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ට ඇප මත මුදාහැරේ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියම කළේ එක් එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරෙන බවයි.

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමන් දීර්ඝ විස්තර කිරීමකින් අනතුරුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථාවේ සභාපති වරයාට ඇප ලබාදීමට නියෝග කිරීමත් සමග ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී මහානාම තිලකරත්න මහතා තමන්ට ඇප හිමිවීම සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වන ආකාරයක් දක්නට ලැබුණි 

මහතා සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීමට පෙර වරදේ ස්වභාවය සහ අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ වරයාගේ පාර්ශවයෙන් සිදුව ඇති අඩු පාඩු සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිළි කිරීමක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාසැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බව දැඩි දෝෂදර්ශනයට ලක් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දැඩි ඇප කොන්දේසි මත අත්අඩංගුවට ගෙන මාස හතරකට පසු ඇප එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.ඇපකරුවන් අතරින් එක් අයෙකු සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත් වරයා සිය නියෝගයේ සඳහන් කළේය.අනතුරුව නඩුව දෙසැම්බර් මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති වරයා අල්ලස් කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *