ඇදිරි නීතිය තුල කොටදෙණියාවෙි ජංගම ක්‍රමයට හෙරෝයින් බෙදා හැරි ලිහිණියාගම්මන තරංග කොටු කර ගනියි

ඇදිරි නීතිය තුල කොටදෙණියාවෙි ජංගම ක්‍රමයට හෙරෝයින් බෙදා හැරි ලිහිණියාගම්මන තරංග කොටු කර ගනියි

‘ නීරෝධායන ඇදිරි නීතිය කාලය තුල කොටදෙණියාව ඇතුලූ ප්‍රදේශ ගණනාවක යතුරු පැදියෙන් ගොස් ජංගම ක්‍රමයට හෙරෝයින් බෙදා හැරි බව කියන ලිහිණියාගම්මන තරංග නැමති හෙරෝයින් ජාවාරම් කරුවෙකු කොටු කර ගැනීමට කොටදෙණියාව පොලීසියට හැකිවී ඇත.

පොලීසියට ලද තොරතුරක් අනුව ලිහිණියාගම්මන තරංග නැමත්තා බඩල්ගම ලිහිණියාගම්මන ප්‍රදේශයේ හෙරෝයින් ජාවරමෙහි යෙදී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මොහු පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදියක් සහ රුපියල් පනස් දහසක පමණ වටිනා හෙරෝයින් ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක් මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මිලි ග්‍රෑම් 500 ” ග්‍රෑම් 1 ” ග්‍රෑම් 2 ආදී වශයෙන් සකස් කරන ලද පැකට් ගනු දෙනු කරුවන් ස`දහා අළවි කර ඇති බව පොලිස් පරික්ෂණ වලින් හෙලිවී ඇත.

හෙරෝයින් වෙළදාමේ නම ගිය ජාවරම් කරවන් සමග මෙම පුද්ගලයා ඉතා ලගින් ඇසුරු කර ඇති බවත්” ඔවුන් විසින් ලබා දෙන හෙරෝයින් මෙසේ අළවි කර ඇති බව පොලීස් මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු සමග මෙම ජාවරම් කටයුතු වලට සම්බන්ධ බව කියන උක්කුවා නැමැත්තෙකු පලා ගොස් සැගව සිටින බව පොලීසිය පවසයි. මොහුද හැකි ඉක්මනින් නීිතියේ රැහැනට කොටු කර ගැනීම ස`දහා පොලීසිය පරීක්ෂණ පැවත්වයි.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමගම ප්‍රදේශයේ හෙරෝයින් වසංගතය අඩුවනු ඇති බව කොටදෙණියාව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
මිගමුව සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත ” කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණයෙන් ” අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නවරත්න ” පොලිස් සැරයන් 34498 ලීලාරත්න ” පොලිස් කොස්තාපල් වරුන් වන 13336 කුලරත්න ” 94459 එදිරිතිලක යන නිළධාරින් පොලිස් විශෙෂ කාර්‍යාංශයේ නිළධාරීන් මෙම වැටලීම සිදූ කලහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *