ඇදිරිය නොතකා ගමන්කරන්නන් දින 14 ක් නිරෝධනයට

ඇදිරිය නොතකා ගමන්කරන්නන් දින 14 ක් නිරෝධනයට

ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මෙම තීරණය හෙට (10) දින සිට කි‍්‍රයාත්මක කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සදහා පොලීසිය විසින් ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබූ අතර, දිස්ති‍්‍රක් අතර සංචරනය විම වැලැක්විම සදහා වන නිතිය ද හදුන්වා දෙනු ලැබ තිබිණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *