ආර්ථික ඔස්තාර් අවුරුදු තුනෙන් රට බංකොලොත් කළා

ආර්ථික ඔස්තාර් අවුරුදු තුනෙන් රට බංකොලොත් කළා

අද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැක්කේ යුද්ධය අවසන් කර රටත් සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රායෝගික නායකයකුට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කෙළේ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති හමුවකට එක්වෙමිනි.

රණතුංග මහතා එහිදී මෙසේද පැවැසීය.

2015 ජනාධිපතිවරණයෙන් අපි පැරැදුණා. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් අපිව පැරැද්දුවා. නමුත් අපි සැලුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය එකහෙළා පිළිගත් ඒකාබද්ධ විපක්ෂයේ අපේ කණ්ඩායම 2018 පළාත් පාලන මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබලා එතැන් සිට මාස අටක් ගෙවෙන කොට අද මෙතැනට ඇවිත් තියෙනවා.

2005දී අපි බලය ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්නයි. මේ රටේ ජනතාව ඒ ගැන විශ්වාසය තැබුවා. අපි 2005දී මහින්ද මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කළා. එතුමා අපේ ගෞරවයත් රකිමින් වසර තුනහමාරක් තුළ යුද්ධය අවසන් කළා. 2010දී අපි නැවත ජනතාව හමුවට ආවේ රට සංවර්ධනය කරන්න, ජනවරමක් ගන්නයි. ජනතාව ඉතා ඉහළින් ඒ ඉල්ලීම ඉටු කරලා මහින්ද මහත්තයා නැවත වරක් ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වා.

අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළ හදලා එතුමා ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා. දැන් අපි ඔබ හමුවට ඇවිත් තිබෙන්නේ නව ජනවරමක් වෙනුවෙන්. එදා කිව්වේ රනිල් තමයි ආර්ථික ඔස්තාර් කියලා. මහින්දට යුද්ධය කරන්න පුළුවන් වුණාට රනිල්ට තමයි ආර්ථිකය හදන්න පුළුවන් කිව්වා. නළුවෙක් නෙමේ මොළයක් කිව්වා. අවුරුදු තුනෙන් රට විනාශ කළේ ඒ රනිල් වික්‍රමසිංහ තමයි කියන එක අපට අමතක කරන්න බැහැ.

ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති රැස්වීමේදී කිව්වා මේ රට විනාශ කළේ රනිල් ඇතුළු සමනල රෑනයි කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ සමනල රෑන තව අවුරුද්දක් රට පාලනය කළා නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා මේ වෙලාවේ ගත්තේ අමාරු තීන්දුවක්. අපි ඒකට ගරු කරන්නේ ඒක අපි වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් ගත්තු තීන්දුවක් නිසයි.

ජනවරමක් නේද ඉල්ලුවේ? දැන් එන්න පොර පිටයට. අපි ලැහැස්තියි ජනමතය උරගා බලන්න. සමනල් රෑන එක්ක අරලියගහ මන්දිරයේ හිටියට ජනවරමක් ලැබෙන්නේ නැහැ. කරට කර හැප්පිලා බලමු මේ රටේ මිනිස්සු ඉන්නේ කා එක්කද කියලා.

මේ රටේ ජනතාවගේ එකම පැතුම බවට පත්වෙලා තියෙන්නේ මහින්ද
රාජපක්ෂයි. මහින්ද මහත්තයා දිනෙව්වා වගේම තමුන්නාන්සේලාටත් යහපත් හෙටක් උදා කිරීම වෙනුවෙන් කැපවෙන බවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *