ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව දරැවන් යතුරු පැදිවල රැගෙන යන මව්පියන්

ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව දරැවන් යතුරු පැදිවල රැගෙන යන මව්පියන්

ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදිවල විශේෂයෙන්ම දරුවන් රැගෙන යන මව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ පොලිස් අකාරී කොට්ඨාසයෙහි අරඹා ඇත.

කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සංකල්පයක් මත ;
ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව දරුවන් රැගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගගැනීම වෙනුවට ; හිස්වැසුමක් පැළදීම යනු පොලීසියෙන් බේරීම සදහා නොව ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව මෙම වැඩපිළිවෙල යටතේ සිදු කෙරෙන බව කොට්ඨාස රථවාහන අංශාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මෙන්ඩිස් මහතා පැවසීය.

මෙලෙස දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ රථවාහන අංශය මගින් ගම්පහ ; බණ්ඩාරවත්ත ප්‍රදේශයෙහි පාසල් ආශ්‍රිතව සිදු කෙරුනු අතර මෙහිදී මව හෝ පියා විසින් දරුවන් යතුරු පැදිවල රැගෙන යාමේදී දරුවන්ට ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව සිටි පිරිසක්ම හසුකර ගැනුනු අතර ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව ගමන් ගැනීමේදී හදිසි අනතුරක් වුවහොත් විය හැකි බරපතල තත්ත්වය නිලධාරීන් විසින් එම මව්පියන් හට ඉතා සුහදව පැහැදිළි කර දුන් ආකාරයක් දක්නට ලැබිණි.

මෙලෙස ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව දරුවන් රැගෙනයන දිළිදු තත්ත්වයෙන් සිටින බව පෙනී යන වැඩිහිටියන්ට පෞද්ගලිකව අමතා දරුවන්ට හිස්වැසුමක් ලබා ගැනීමේ මුල්‍ය අපහසුතාවයන් පවතින්නේද යන්න විමසාලමින් හිස් වැසුම් ලබාදීම පිනිස පොලිස් නිලධාරීන් ස්වෙච්ඡාවෙන් කටයුතු කරන බවක්ද මෙහිදී දැනගන්නට ලැබිණි.

ගම්පහදී සිදුකළ දැනුවත් කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පොලිස් අකාරී මුදිත පුස්සැල්ල මහතා ඇතුලු ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර ; කොට්ඨාස රථවාහන අංශාපති ධර්මසිරි මෙන්ඩිස් ; ගම්පහ රථවාහන අංශාපති පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර සහ නගර රථවාහන අංශාපති උප පොලිස් පරීක්ෂක තුෂාර කරුණාතිලක යන මහතවරුන් ඇතුලු රථවාහන අංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *