ආණ්ඩුව විසින් ‘එට්කා ගිවිසුම’ හා සමාන ගිවිසුමක් සිංගප්පූරු රජය සමඟ හොර රහසේම අත්සන් කරලා

ආණ්ඩුව විසින් ‘එට්කා ගිවිසුම’ හා සමාන ගිවිසුමක් සිංගප්පූරු රජය සමඟ හොර රහසේම අත්සන් කරලා

ආණ්ඩුව විසින් ‘එට්කා ගිවිසුම’ හා සමාන ගිවිසුමක් සිංගප්පූරු රජය සමඟ හොර රහසේම අත්සන් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

කැබිනට් අනුමැතියක් පවා නොමැතිව කිසිදු පාර්ශ්වයකින් හෝ නොවිමසා කැබිනට් අනුමැතිය ලැබුණා සේ ව්‍යාජ ලියකියවිලි සකස් කරමින් මේ වෙළෙඳ ගිවිසුම අස්සන් කර ඇත්තේ ඇමැති මලික් සමරවික්‍රම සහ ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණ අනු කමිටුව මඟින් බවද හෙතෙම හෙළි කරයි.

ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම පැවැසුවේ සිංගප්පූරුවේ පුරවැසියන්ට මෙන්ම සිංගප්පූරුවේ පදිංචි වෙනත් රටවල වාත්තීයවේදීන්ටත් මේ ගිවිසුම හරහා රැකියා සඳහා හෝ ව්‍යාපාර කටයුතු සඳහා මෙරටට පැමිණිය හැකි බවත් මෙමඟින් භාණ්ඩ ආනයනයට හා අපනයනයට පනවා තිබූ සුළු බදු ප්‍රමාණයද ඉවත්ව යන බවත් හෙතෙම සඳහන් කරයි.

මේ ගිවිසුම වහාම අවලංගු නොකළහොත් මෙරට වෘත්තීයවේදීන්ට සහ ව්‍යාපාරවලට සිදුවන බලපෑම සහ ආර්ථිකයේ බිඳ වැටීම් කිසිසේත් වළක්වාලිය නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *