ආණ්ඩුවෙන් ඉවත්වු 16 දෙනා ගැන සුබවාදිව බැලිය යුතුයි–විමල් වීරවංශ
ආණ්ඩුවෙන් ඉවත්වු 16 දෙනා ගැන සුබවාදිව බැලිය යුතුයි–විමල් වීරවංශ
රටේ යම් දේශපාලන බල කඳවුරක් විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතී නම් ඔවුන් වත්මන් ආණ්ඩුවට සහාය පළකරන පිරිස් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(01) මේ බව සඳහන් කළේ කඩුවෙල පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
20 සංශෝධනයේ වඩාත් භයානකම කොටස් එළියට එන්නේ කාරක සභා අවස්ථාවේදී බව ද විමල් වීරවංශ මහතා පැවසීය.
කෙසේ වෙතත් අද වන විට විපක්ෂයේ සමහරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා විපක්ෂයට එක් වීම සම්බන්ධයෙන් විවිධ කථා පැවසුව ද ඒ පිළිබඳව සුබවාදීව බැලිය යුත්තේ එලෙස ගැළවී යන්නේ ආණ්ඩුවේ තුනෙන් දෙක නිසා බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.