අලි සටනෙන් පැරදුනු ෆොන්සේකා කණගාටවෙන්

අලි සටනෙන් පැරදුනු ෆොන්සේකා කණගාටවෙන්

සිංහරාජ වනාන්තරයේ සිටින අලීන් දෙදෙනා ඉවත් කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ පවසයි.

කොළඹ අද(18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රෙද්ශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ සඳහා මෙහෙයුමක් ආරම්භකෙරුණේ ඉකුත් 14 වැනිදායි.

අලින් එම ස්ථානයෙන් ඉවත්කිරීම සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු විය හැකි බව පවසමින් පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම ඊට සිය විරෝධය පළ කළේය.

එවන් පසුබිමක අදාල අලි මෙහෙයුම ජනපති නියමයෙන් නැවැත්වීමට පියවර ගත් බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(17) ප්‍රකාශ කළේය.

එවන් පසුබිමක මෙම වන අලින් දෙදෙනාගෙන් මිනිස් වලට හා දේපළවලට සිදුවන හානිය වළක්වන ලෙස ඉල්ලමින් අද දහවල් කලවාන කජුගස්වත්ත ප්‍රදේශයේදී 500 ක පමණ ගම්වැසියන් පිරිසක් එක්ව අද විරෝධතාවක් පැවැත් විය.

විරෝධතාව පැවති ස්ථානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායක සලිත කරුණාරත්න මහතා පැමිණි අතර ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා විරෝධතාකරුවන් එහිදී ඔහුට සංදේශයක් බාර දුන්නේය.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ වනජීව නිලධාරීන් ප්‍ර දේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම ප්‍රදේශවල රැඳීසිටින බවයි.

මේ අතර අලි මෙහෙයුම නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් කොළඹ පැවති උත්සවයකින් පසුව සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයා විසින් ගනු ලැබු මෙම තීරණය ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් තම අමාත්‍යාංශයේ ඇති වෙන ගැටළු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමාට නිදහසක් තිබිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *