අලියාගේ සත්‍ය වැඩේට චන්දිම හිටපු ඇමතිගෙන් මාරම මාර උත්තරක්…..

අලියාගේ සත්‍ය වැඩේට චන්දිම හිටපු ඇමතිගෙන් මාරම මාර උත්තරක්…..

සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018.06.06 එජාපය අළුතින් ආරම්භ කරන ලද සත්‍යය කියන වැඩ සටහන දැක්කාම ජනතාවට හිතෙන්නේ බුදු සරණයි කියලා ඉස්සරහින් ගහගෙන යන හොර හරක් ලොරියක් වගේ බව හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා, එජාපයට කියන්න තියන සත්‍යය මොකක්ද? මහ බැංකු මංකොල්ලය අද මහ දවල් එලිවෙලා ඉවරයි. සත්‍යය කියලා බෝඩ් එක ගහලා ඒක ඉස්සරහ ඉදගෙන ගල් පැලෙන බොරු ගහනවා. කාවද මේ රවට්ටන්නේ. ජනතාව තවදුරටත් රැවටෙන්න සුදානම් නෑ. මහ බැංකුව කඩලා මාධ්‍ය ආයතන ආරම්භ කරලා ජනතාවගේ ඔළු හෝදන්න හැදුවේ. නමුත් අද ඒ හදපු මාධ්‍ය ආයතනත් නන්නත්තාර වෙලා. දැන් මේ අළුත් සෙල්ලමක් පටන් අරන් සත්‍යය කියලා. රටේ මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ මහ බැංකු හොර කමේ සත්‍යය මොකක්ද කියලා. පුළුවන් නම් ඔය සත්‍යය වැඩ සටහනින් රටට කියන්න ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත කට්ටිය කවුද කියලා. මම අභියෝග කරනවා. පුළුවන් නම් ඒ සත්‍යය පවසන්න කියලා.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට අපිටත් ලැජ්ජ වෙන්න වෙලා, අපිට ඡන්දේ දීපු මිනිස්සුන්ටත් ලැජ්ජ වෙන්න වෙලා මේ ඇලෝසියස් ගේ සල්ලි බෙදිල්ල නිසා මම අද කතානායකවරයාට ලිපියක් භාර දුන්නා වහාම ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන්න කියලා මේ සල්ලි ගනිපු මන්ත්‍රීවරුන්ගේ නම් හෙලි කරන්න කියලා. නැත්නම් අපි වගේ ගනිපු නැති අය තමයි මේකෙන් ගොඩක් අසරණ වෙන්නේ. ගනිපු අයට කොහොමත් ප්‍රශ්නයක් නෑ. ඔන්න පුළුවන් නම් ඔය බුදු සරණයි කියලා ඉස්සරහ ගහගෙන යන හොර හරක් ලොරියට වන් සත්‍යය වැඩ සටහනට පුළුවන් ඇලොසියස් ගෙන් සල්ලි ගත්ත අය ප්‍රසිද්ධ කරන්න. අභියෝග කරනවා ඒක කරන්න ඔය සෙට් එකට බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *