අයිඕසී ය බාල තෙල් ගොඩබෑමට හදනවා – අනුර කුමාර දිසානායක

අයිඕසී ය බාල තෙල් ගොඩබෑමට හදනවා – අනුර කුමාර දිසානායක

ඉන්දියන් තෙල් සමාගම හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත්‍රණයක්‌ ලෙස අර්බුද නිර්මාණය කර බාල තෙල් නැව ගොඩබෑමට උත්සාහ දරන බවට සැකයක්‌ මතුවන බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ දිසානායක මහතා මෙසේද කීවේය.

රට තුළ නිර්මාණය වී ඇති ඉන්ධන හිඟය හේතුවෙන් ගමනාගමන ක්‌ෂේත්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මෙහිදී පෙනී යන ප්‍රධානතම කරුණු කිහිපයක්‌ තිබෙනවා.

පළමුවැන්න නියමිත පටිපාටිය අනුගමනය නොකර තෙල් ආනයනය කිරීමට ආණ්‌ඩුව විසින් ගෙන ඇති පියවරයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ලංකාවට තෙල් ගෙන්වන ලද්දේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ක්‍රමය යටතේයි. නමුත් පසුගියදා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ආයතනයක්‌ තෝරාගෙන තිබියදීත් ඊට කැබිනට්‌ අනුමැතිය ලබා නොදී ඒ වෙනුවට වෙළඳපොළෙන් ස්‌ථානීය මිලදී ගැනීම් යටතේ තෙල් ගෙනඒම අරඹා තිබෙනවා. ඒ නිසා පසුගිය මාස කීපය තුළ ඇමරිකානු ඩො. මිලියන 40 ක ඉතා බරපතළ පාඩුවක්‌ සිදුව තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී මෙම සභාවට සංඛ්‍යා ලේඛන සහිතව ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

දෙවැන්න ඛනිජ තෙල් සංස්‌ථාව සතුව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමයි. දැනට පවතින ගබඩා ප්‍රමාණවත් වන්නේ සති 02 ට පමණ කාලයකට පමණයි.

ත්‍රිකුණාමල චීන වරායේ ටැංකි 99 ක්‌ පවතින අතර, 2003 වන විටත් අගමැතිවරයා යටතේම මෙය ෂධC සමාගමට වසර 35 කට ලියවිල්ලකින් පමණක්‌ ලබාදී තිබෙනවා. එහි 1.2 ඡේදය යටතේ 2003.03.01 දින සිට මාස 06 ක්‌ තුළ විධිමත් බදු ගිවිසුමකට නොයැම හේතුවෙන් ඔවුන් එහි දැන් සිටින්නේ නීති විරෝධී ලෙසයි. සැබැවින්ම දැනට ඔවුන් භාවිත කරන්නේද ටැංකි 08 ක්‌ පමණයි. ඉතිරි ටැංකිවලින් ටැංකි 10 ක්‌ තෙල් සංස්‌ථා පරිහරණයට ලබාගැනීමට 2016 අප්‍රේල් ගත් කැබිනට්‌ තීන්දුව අගමැතිවරයා විසින් 2016.06.06 කැබිනට්‌ පත්‍රිකාවකින් අහෝසි කර තිබෙනවා. ආණ්‌ඩුව විසින් උත්සාහ ගනිමින් සිටින්නේ, මෙම ටැංකි ෂධC ට නීති ගතකොටම ලබාදීමටයි.

තෙවැන්න සපුගස්‌කන්ද පිරිපහදුව අකර්මණ්‍ය වීමයි. මෙය 1969 ඉදිකළ අතර එය දැන් අබලන්ව තිබෙනවා. පසුගිය සතියේදී පිරිපහදුවේ හදිසි බිඳවැටීමක්‌ සිදුවීම මෙම ගැටලුව තීව්‍ර කොට තිබෙනවා. 2007 දී නව පිරිපහදුවක්‌ ඉදිකිරීමට ප්‍රොaඩාකාරී ලෙස මුල්ගල් තැබුවද එය ඉදිවී නැහැ.

අනෙක්‌ අතට මෙහිදී වෘත්තීය සමිති විසින් මතුකරන සාධාරණ සැකයක්‌ වන්නේ, වත්මන් ෂධC සමාගම අත්තනෝමතික ලෙස හිතාමතා පොරොන්දු කඩකරමින් තෙල් නොගෙන්වා රට තුළ කුමන්ත්‍රණයක්‌ ලෙස අර්බුද නිර්මාණය කොට ඇතිවන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බාල තෙල් නැව ගොඩබෑමට ප්‍රයත්න දරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *