අම්බලන්ගොඩ ප්‍රජාපතියේ දැරියන් මාධ්‍ය ආයතන නිවේදිකාවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.

 

අම්බලන්ගොඩ ප්‍රජාපතියේ දැරියන් මාධ්‍ය ආයතන නිවේදිකාවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.

– ඇමති ගයන්ත කරුණාතිලක අම්බලන්ගොඩදී කියයි –

මේ රජය මගින් අධ්‍යාපනයට අති විශාල මුදලක් මේ වන විටත් වැය කර තිබෙනවා. ජේ. ආර්. මහත්මය පොත් දුන්නා. මහින්ද මහත්මය මහින්දෝදය හැදුවා. ඒ සියල්ල අද දක්වා ඉදිරියට කරගෙන යනවා. රජයන් වෙනස් උනාට එකක්වත් නවත්වන්නෙ නෑ. ඒ වගේම තමයි අපේ රජය ආරම්භ කල වැඩ පිළිවෙලවල් කවුරු බලයට ආවත් ක්‍රියාත්මක කල යුතුයි. අද මේ පාසැල්වල අති දක්ෂ දරුවො ඉන්නවා. මේ සෑම නර්තනයකම වෙනසක් මම දුටුවා. නිවේදන කටයුතු කල දරු දෙදෙනා මාධ්‍ය ආයතනවල නිවේදිකාවන් අභිබවා යන බව හිටපු මාධ්‍ය ඇමති වශයෙන් මම කියනවා

ඇමතිවරයා මේ බව සඳහන් කලේ ලඟම පාසැල හොඳම පාසැල වැඩ සටහන යටතේ 28 දින පැවති අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහලේ තාක්ෂන විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු අද දවස තුල තෙමහල් පාසැල් ගොඩනැගිලි කීපයක් විවෘත කල යුතු බවත් ඒ සියල්ල ලබා දෙන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් බවත් පැවසීය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැමිණ සුබ පතා හදිසි උත්සවයකට සහභාගී විය යුතු බව පවසමින් බැහැර විය.

අම්බලන්ගොඩ ශ්‍රී.ලං.නි.ප. ප්‍රධාන සංවිධායක ජෙනට් පනියන්දූවගේ, දකුණු පළාත් සභා විපක්ෂ නායක අශෝක පී. ධනවංශ ද සිල්වා, කලාප අධ්‍යාපන අධයක්ෂ ගීතානි විජේගුණසිංහ. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්. එම්. වාසනා, ප්‍රජාපතී විදුහල්පති සනූජා ජයවික්‍රම, සහකාර විදුහල්පති කේ. හෙන්දවිතාරණ, යන මහත්ම මහත්මීන් ඇතුළු නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, දෙමාපියන්, සිසු සිසුවියන්. ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *