අපේ රට ගොඩ ගන්න ඔක්තෝබර් විප්ලවය ඉතා වැදගත්…

 

ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා…

මේ වසරේ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ලෝකය පුරා බොහෝ රටවල සැමරුම් උත්සව පැවැත්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණද ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම නිමිත්තෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා. ඔක්තෝබර් 27 සහ 28 දෙදින පුරා කොළඹ විහාරමහාදේවී පරිශ‍්‍රයේදී එම වැඩසටහන් ක‍්‍ර‍්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔක්තෝබර් 27 උදේ 10ට සමරු ප‍්‍රදර්ශනය විවෘත කරන අතර ඒ සඳහා විදෙස් තානාපතිවරුන්, රුසියානු කොමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් ඇතුළු විදේශ නියෝජිතයින්, ආරාධිත අමුත්තන් ජවිපෙ නායකයින් සහභාගි වෙනවා. 27දින සවස 3.00ට වීදි නට්‍යය සංදර්ශනයක් පවත්වනවා. සවස 3.30ට පොත් තුනක් එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔක්තෝබර් විප්ලවය සම්බන්ධයෙන් ලියන ලද ලිපි මාලාවක එකතුවක් සහිත පොතක්, රුසියානු ලේඛිකා ඉරීනා මලෙන්කෝ විසින් ලියන ලද පොතක පරිවර්තනයක් වූ සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස සහ සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය පොතේ දෙමළ පරිවර්තනය එළිදැක්වීමට නියමිතයි. එම අවස්ථාවට රුසියානු ලේඛිකා ඉරීනා මලෙන්කෝ, ගුණසේන විතාන ඇතුළු සාහිත්‍යධරයින් සහභාගි වීමට නියමිතයි. එදින සවස 6.00ට විකල්ප සංස්කෘතික සැඳෑවක් පැවැත්වෙනවා.

28වැනි දින උදේ 9.30ට සමරු ප‍්‍රදර්ශනය ආරම්භ වන අතර පෙ.ව. 10.00ට ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පීන් රැුසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබරයේ සිතුවම නම් චිත‍්‍ර වැඩසටහනක්, සවස 2.00ට වීදි නාට්‍ය සංදර්ශයනයක් පැවැත්වෙන අතර ප‍්‍රධාන සමරු උත්සවය ප.ව. 3.30ට ජවිපෙ නායකයින්ගේ බංගලාදේශ සහ රුසියානු විදේශ නියෝජිතයන්ගේ සහ ආරාධිත අමුත්තන් රැුසකගේ සහභාගිත්වයෙන් පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. සවස 6.00ට ප‍්‍රවීන ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ගීත ප‍්‍රසංගයක් පැවැත්වෙනවා. එම වැඩසටහන් මගින් ශී‍්‍ර ලංකාවේ ජනතාවට ඔක්තෝබර් විප්ලවය පිළිබඳව, සමාජවාදය පිළිබඳවත් අත්දැකීමක් අවබෝධයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සහභාගී වෙලා අත්දැකීම් ලබාගන්නා ලෙස ජනතාවටත් දුවා දරුවන්ටත් විශේෂයෙන් පාසැල් ශිෂ්‍යයන්ටත් අපි ආරාධනා කරනවා.

1917 විප්ලවයෙන් පසු රුසියාව විශාල ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් අත්කර ගනිද්දී 1948 නිදහස ලබාගෙන වසර 70ක් ගතවනවිට අද අපේ තත්වය මොකක්ද? ආර්ථිකය බිඳවැටිලා. එදා තිබුණු තේ, පොල් රබර් ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටිලා. මුළුමනින්ම ණයවලින් දුවන රටක් බවට පත්වෙලා. 1948 ණය නැති අපේ රට අදවනවිට රු. කෝටි දශලකක්‍ෂ පනස් දාහක ණයකාරයෙක් බවට පත්කරලා. අපේ රටේ පාලකයින් රට විනාශය කරා ගෙනගිහින්. විද්‍යාවෙන් තාක්‍ෂණයෙන් කිසිම ජයග‍්‍රහණයක් අත්කරගෙන නැහැ. සෝවියට් රුසියාව 1930වනවිට රටේ රැුකියා ප‍්‍රශ්නය විසª අතර ලංකාවේ අදත් උපාධිධාරීන් මහපාරේ. ඒ තමයි රුසියානු විප්ලවයේ වෙනස. අදවනවිට රුසියාව ලංකාවට නොමිලේ ලබාදුන්න කර්මාන්ත ශාලාවලට මොකද කරලා තියෙන්නේ. ඔරුවල වානේ සංස්ථාව පුද්ගලික අංශයට වික්කා. ටයර් සංස්ථාව විකුණලා දැම්මා. තුල්හිරිය රෙදි කම්හල විකුණලා දැම්මා. තුනී ලෑලි සංස්ථාව වහලා දැම්මා. අපේ රටේ පාලකයෝ නොමිලේ ලැබුණු කර්මාන්ත ශාලා ටික විකුණගෙන කෑවා.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

බැඳුම්කර කොමිසමේ පරීක්‍ෂණවල ඉදිරිය කුමක් වේවිදැයි කියන්න පුළුවන්කමක් නැහැ. ජවිපෙ මුල සිටම බැඳුම්කර ගනුදෙනුවෙන් වංචාවක් සිදුවූ බවත් ඊට අගමැතිවරයා වගකිව යුතු බවත් ප‍්‍රකාශ කළා. හඳුන්නෙත්ති සහෝදරයා සභාපතිත්වය දරන කෝප් කමිටුවේ වාර්තාව සකස් කිරීමේදී එය අවුල් කිරීමට එජාප මන්තී‍්‍රවරුන් උත්සාහ කළා. කෙසේ වෙතත් කෝප් වාර්තාවෙන් මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු රැුසක් අනාවරණය වුණා. ජනාධිපති කොමිසමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමට නීතිමය බලයක් නැහැ. නීතිමය පියවර ගත යුත්තේ ආණ්ඩුවයි. කෙසේ වෙතත් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න කෝප් වාර්තාවේ කරුණු ප‍්‍රමාණවත්. කෝප් කමිටුව සහ ජනාධිපති කොමිසමේ වෙනස කෝප් කමිටුව මාධ්‍යවලට විවෘත නොවීමයි. ජනාධිපති කොමිසමේදීත් සාකච්ඡුාවට ලක් කෙරෙන්නේ කෝප් කමිටුවේදී විමර්ශනයට ලක් කෙරුණු කරුණුයි. එනිසා නීතිමය පියවර ගන්නවා නම් කෝප් වාර්තාව ප‍්‍රමාණවත්. කෙසේ නමුත් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරන්නේ විමර්ශනවලට නම් එහි ගැටලූවක් නැහැ. නමුත් නීතිමය කි‍්‍රයාමාර්ගක් නොගෙන දිගින් දිගටම කල් ගන්නවාට අපි විරුද්ධයි. ඒ වගේම අගමැතිවරයා කොමිසමට ගෙන්විය යුතු බවට අපි දිගින් දිගටම කිව්වා. කොමිසමේ වාර්තාවට මොකද වෙන්නේ කියලා අපිට කියන්න බැහැ. නමුත් මේ වනවිටත් රවී කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්. ඔහු නිවසක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු නිලධාරීන්ට ගනුදෙනුවට වාසි වන විදිහට කි‍්‍රයා කරන්න නියෝග ලබාදී තිබෙනවා.

මහින්ද වටේ ඉන්නේ මොන තරම් සාහසික බලවේගයක්ද

වීරවංශ මන්තී‍්‍රවරයා ගැන කතා කිරීම වැඩකට නැති දෙයක්. ඔහු ජනතාව ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා ඉවරයි. ඒ වගේම දේශපාලන තක්කඩියෙක්. ඔහුගේ ප‍්‍රකාශ ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් මහින්ද රාජපක්‍ෂ වටේ ඉන්න පිරිසගේ නරුමකම ඔවුන්ගේ ප‍්‍රකාශවලින් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සම්මත කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නැයි විමල් වීරවංශ කියන විට මහින්ද රාජපක්‍ෂත් එක්ක ඉන්න කමල් ගුණරත්න කියනවා ව්‍යවස්ථාවට අත උස්සන ඇමතිවරුන්ට වෙඩි තියලා මරන්න ඕන කියලා. මහින්ද වටේ ඉන්නේ මොන තරම් සාහසික බලවේගයක්ද? රටක ව්‍යවස්ථාවට පක්‍ෂ වෙන්න හෝ විරුද්ධ වෙන්න කාටත් අයිතියක් තිබෙනවා. ව්‍යවස්ථාවක් සම්මත වීමේදී ජනමත විචාරණයකට යන්න සිදුවෙනවා. එවිට ජනතාවට තීරණය කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඕනද එපාද කියන එක. නමුත් මහින්ද රාජපක්‍ෂ වටේ ඉන්න කණ්ඩායමේ සාහසික ප‍්‍රකාශවලින් ජනතාව තේරුම් ගන්න ඕනෑ, මෙවැනි කණ්ඩායමක් අතට නැවත බලය අත්පත් වුණොත් කුමණ තත්වයක් උදාවේද කියලා. මෙවැනි ප‍්‍රකාශවලට එරෙහිව අපේ රටේ නීතිය අනුව කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන්.

ව්‍යවස්ථාව එපා කියන අය 13වැනි සංශෝධනයෙන් දැනටමත් බලය බෙදා තියෙන බව දන්නේ නැද්ද? පොලිස් බලතල තිබෙන බව දන්නේ නැද්ද? නව ව්‍යවස්ථාවක් එපා කියන අය 13 පිළිගන්නවාද? මහින්ද රාජපක්‍ෂ වසර 9ක් බලයේ හිටියා. ඔහුට තිබුණු 2/3 බලය පාවිච්චි කරලා 13 ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. රටට අහිතකර දේවල් ඉවත් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ 2/3 බලය පාවිච්චි කරලා තමන්ට තව දුටරත් ජනාධිපති ධුරයේ ඉන්න බලය වැඩිකරගත්ත එක. රට ගැන හිතුවේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරයේ ඉන්න කාලයේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර තිබූ ගැසට් නිවේදනය දිගින් දිගටම අත්සන් කළා. උතුරු නැගෙනහිර වෙන් කරන්න කටයුතු කළේ ජවිපෙ නීතිමය කි‍්‍රයාමර්ග නිසා. එදා රටට හානිකර දේවල් ඉවත් කරන්නේ කිසිවක් නොකළ මහින්ද රාජපක්‍ෂ අද බොරුවට කෑ ගහනවා.
විධායක ජනාධිපති ධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත වරක් ජනාධිපතිවරණය වෙනුවෙන් පෙනී ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහුගේ පොරොන්දුවලට අනුව අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ වගේම විධායක ජනාධිපතිවරයෙක් පත්වීමටත් හැකියාවක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *