අපායට ගිය තැපැල් මාමාගේ ලිපිය

සමහර උදව්යට  අමාරුවෙයි කියවලාම බලහල්ලකො

සේපාලිකා වීරකෝන් මල්ලතේ කිරිදිවැල කියලා අම්මලා තාත්තලා එක්ක බස් රථයකින් ගමනක් යන විට හිත ගිය ආදර වන්තයාට තම ලිපිනය ආදර වන්තිය  එදා අපේ කාලයේ කී කතාවක් අදටත් වැඩිහිටි අයටනම් ආදර පෙම් හසුන් ලියපු ඇත්තන්ටනම් මතක නැහැ කියන්න නොහැකිය.

මෙත්න තියෙන්නේ ගස් හතයි වැල් එකයි ලිපිනය මම කියන්නේ නෑ සොයලා කතා කරලා මටත් ලිපියක් එවන්න හරිද ?…  බුකියට එව්වාම ඇති….

තැපැල් සේවක වෘත්තීය ගැටලූ කිහිපයකට විසඳුම් දෙන ලෙස ඉල්ලා තැපැල් සේවකයින්   දින 16 ක් පුරා ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය  (26) රාත‍්‍රී නතර කළද තමන් තවදුරටත් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වන බවද චින්තක බණ්ඩාර මහතා කීය.

මේ ලිපි ලක්ෂ 15  බෙදන්නට ඉංතිං මාමාලාට තමයි සිද්ධවෙන්නේ….

ටිලිං… ටිලිං… ටිලිං අදටත් ගේට්ටුව පැත්තෙන් ඒ සද්දේ ආවම අපි දන්නවා ඒ ලියුමක් ඇවිත් කියලා. නමුත් මේ දවසවල නම් අපි දන්වා ලියුම් නෑ කියාලා. හැබැයි අද නම් මේ ලියුම් කාරයා වැඩි පුර ගෙන්නේ බිල්. ඉස්සර එහෙම නෙවෙයි අද වගේ ෆේස් බුක් වයිබර් ටෙලිෆෝන් නැති කාලේ දුරින් ඉන්න දෙන්නෙකුට තොරුතුරු හුවමාරු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ලිපි හුවමාරු කර ගන්න එක. මෙහෙම ගේ දොරකොඩටම ඇවිත් ලියුං කාරයා අපිට ලියුම දීලා ගියාට අපිත්ඒ ලියුම අරෙං බලලා විසි කලාට මේක පිටිපස්සේ විශාල කාර්යාභාරයක් සිද්ධ වෙනවා. අද මේ කියන්න හදන්ටෙන් ඒ කාර්ය භාරය ගැන නෙවෙයි. අතීතයේ ඉඳලා ලංකාවේ තැපෑල වැඩකලේ කොහොමද කියලා දැනගන්න සහ ඉගෙන ගන්න පුළුවන් නියම තැනක් ගැන කියන්න.

ඒ තමයි තැපැල් කෞතුකාගාරය. කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ තමයි මේක පිහිටලා තියෙන්නේ.ඩී ආර් විජේවර්ධන මාවතේ තියෙන තැපැල් මුලස්ථාන ගොඩනැගිල්ලේ තමයි මේ තැපැල් කෞතුකාගාරේ පවත්වාගෙන යන්නේ. අද මෙම තැපැල් කෞතුකාගාරය ජාතිය සතු සම්පතක්‌ බවට පත්වී ඇත.

අප සරසවියේ දී ඉගෙන ගත් පරිදි ජන සංනිවේදන විෂය  දේශනවලට අනුව, දුන්නෙන් විදීමඅණබෙර ගැසීම,ඝණ්‌ඨාර නාදකිරීම කඳුමුදුන්හි ගිනි දැල්වීමකොඩි එසවීමදූතයන් යෑවීමගලේ කෙටීම සීපද ගායනා කිරිමහූ කීම ඇතුළු විවිධ ක්‍රමෝපායයන් මගින් තොරතුරු හුවමාරු කරගත් සන්නිවේදන ඉතිහාසයක්‌ අපට තිබේ. තැපැල් සේවය ආරම්භ වීම මෙම සන්නිවේදන මගේ තවත් එක්‌ සුවිශේෂී සන්ධිස්‌ථානයකි.

තැපෑලට ඇපෑලක් දමනවා වාගේ මේ දිනවල තැපැල් විරෝධතාවය නිසා පියුම් මහත්තයා තැපැල් මාමා ලියම් කාරයා දැක්කේ නැත. කව්ද මේ තැපැල් මාම අපි කුඩා කාලයේ දි මාමව ඇන්ඳා චිත්‍රයට මේ කියවන මාමලාද මාමාව ඇඳලා ඇති මගේ හිතේ.

තැපැල් සේවාව දියුණු වීමත් එක්ක තමයි ලියුම් බෙදන්නා ලියුම් මාමා එහෙමත් නැත්නම් පියුම් මාමා, වුණේ. දියුණුවීමටත් වඩා ඈත ගම් දනව් වල ලියුමක් එහෙම නැත්නම් පියුමක් බලාපොරොත්තුවෙන් මගබලාගෙන ඉන්න කෙනෙකුට තමන්ගෙ නෑදැයෙක්, තරමටම පියුම් මාමා සමීපයි. අපේ කාලයේ පුතේ කෙට් පණිවිඩ ක්‍රමය ජංගම ෆෝ තිබුනේ නෑ ….

 ඉංතිං ……ලියුම් බෙදන එක විතරක් නෙවෙයි, සන්නිවේදන සේවාවන්, මූල්‍යමය සේවාවන්, සමාජ සුභසාධන සේවාවන් වගේ දේවල් මාමාගෙන් සිදුවිය.

තැපැල් සේවා පුහුණු ආයතනය විසින් තැපැල් සේවකයන්ට නොඑසේනම් පියුම් මාමලට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි සන්නිවේදන හැකියාවන් පුරුදු පුහුණු කරයි. ඒ වගේම ලියුම් බෙදීමේ රස්සාවට  ඕනෑම සේවකයෙක් වසරක් පමණ පුහුණු විය යුතුව ඇත.

නව සන්නිවේදන තාක්ෂණය ගම් දනව් සිසාරා විහිදිලා පැතිරිලා යද්දි, විද්‍යුත් තැපෑලෙන් ක්‍ෂණිකව පණිවිඩ හුවමාරු කිරීමට හැකිවෙද්දී ”පියුම් මාමා,, නිෂේදනීය පුද්ගලයෙක් වෙනව කියල කාටවුණත් හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙලා නෑ

ඉතිං..එව්ද ? දැන්නේ නෑනේ .දැන් පියුම් මාමා එනවා ඒ ටිලිං ටිලං ගහනවාද නැත පීක් පීක් ගහලා යතුරු පැදියෙන් තමයි එන්නේ නමුත් ඒ කාලයේ දන්නවද  මේ දිනවලද පා පැදියෙන් ලිපි බෙදන පියුම් මාමලා දැකිය හැකියි.

ලිපිය ලියුම දෙන්න ගෙදර දොරකඩටම යන්න වෙනවා. අතටම දෙන්න වෙවා. සමහර ලිපිවලට අත්සන් ගන්තත් වෙනවා. මෙයට අමතරව නම ලිපිනය වාගේ දේවල් ද ගන්නට මාමාට සිදුවේ. අද වෙළද කඩවල් ද සංකීර්ණ වර්ධනය වෙලා. ඒ තුළ සාප්පු ප‍්‍රමාණය වැඩිවීමත් එක්ක ලිපිණයන් විශාල ප‍්‍රමාණයක් මතක තබා ගැනීමට ඔහුට සිදුවෙලා. එපමණක් නෙවෙයි තරප්පු පේලි 1500 ක් පමණ ඉහල පහල යා යුතුයි.

නමුත් ලිෆ්ට් එක තියන නිසා සමහර විට පහසුයි අද තැපෑල ඒ නිසා තැපෑලට ඇපෑලක් දමන්න හිතන් ඉන්න අයට මෙය පංකාදුයි කියහංකො……

ඔහුට මතක ඇති නුදුරු අතීතයේදී ඔහු ගෙවල තියෙන්නෙ ජංගම දුරකතන බිල් දුසිම් කිහිපයක් විතරයි. නමුත් අද ඒක දහස් ගානක් දක්වා වර්ධනය වෙලා. ඒකට හේතුව තමයි භාවිතා කරන ජංගම දුරකථන ප‍්‍රමාණය වැඩිවීම. ජන්ද පෝරම, ප‍්‍රවර්ධන වැඩසටහන් වල ලිපි, වෙසක් කාර්ඞ්, ක‍්‍රිස්මස් කාර්ඞ්, විවිධ දේ වලින් තැපැල් මල්ල වෙනදටත් වඩා බර වැඩි කරල කියලා  කොහොමද එතකොට ලිපියේ බර මාමාලා දන්නේ නැති උනත් එකතාවත් ලොකුයි බරයි මගේ මාමේ.

කොහොම නමුත් අපේ රටේ වැඩි දෙනෙක් තමාගේ මල්ල පිරෙන කම් තමයි බලා සිටින්නේ තැපැල් මාමාලාද නැන්දලාද පසුගිය දොහේ කළේ එකයි මගේ හිතේ… වැරදුනාද මන්දා……

අපගේ පියවි ඇසට පෙනෙන දේට වඩා, නැතිනම් බයිසිකලයක් තල්ලූකරගෙන ඇවිත්  ලියුම් බෙදනවට වඩා වැඩි දේවල් පියුම් මාමා කෙනෙක් ගාව තියෙනව කියන එකත් අපි දැන ගත යුතුයි. හොද ඥානයක් වගේම නිරීක්ෂණ ශක්තියක්, බුද්ධියක් වගේම අනිවාර්යෙන්ම මතකය කියන එක ලියුම් බෙදන්නෙකුට අත්‍යවශ්‍යයයි.

මොකද යම්කිසි ප‍්‍රදේශයක් පුරාවට නිතර මිනිසුන් සමග ගනුදෙනු කරන්නෙක් නිසාවෙන් ඔහුට මගතොටේදී විවිධාකාර මිනිසුන් මුණ ගැහෙනවා. ඒ වගේ නිතර යන එන මගතොට ලිපිනයන් ගොඩක් මතකයේ තිබිය යුතුයි.මේ නිසා පියම් මාමා ගමේ රටේ ජනප්‍රිය මාමා කෙනෙක් ජන්දය ඉල්ලන්න උනත් අපුරැයි මිමේ පසුගිය කාලයේ කොට්ඨාස කුමයට තිබු මැතිවරණය නම් තැපැල් මාමලා ද දිනුම් අවස්ථාවක්ද තියනවා….

උදේ පාන්දර ඉදන් ඇදහැලෙන අනෝරා වැස්සක වුවද, ගිණි කාෂ්ඨක අව්වේද  ලියුම් මල්ල පසෙක තබා  ඔහුට තමාගේ රාජකාරියෙන් බැහැරව සිටිය නොහැක. මන්ද අනෙකකුගේ ලිපියක් තමා සතුව තබා ගැනීම තුළම අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වනවා ඇත.

ලිපිනයක් සහිතව ඔබ රූස්ස ගස්, ගිරිදුර්ග, ගල්තලාවන්ගෙන් පිරීගිය වනාන්තරයක වාසය කළා වුණත් යම් පුද්ගලයෙකු ඔබගේ නාමයෙන් ලිපියක් තැපැල් මධ්‍යස්ථානයටට භාර කලේ නම් අනිවාර්යෙන්ම එය ඔබේ දොරකඩට පැමිණෙනවා සත්තයි. මන්ද පියුම් මාමා තවමත් අප අතහැර ගොස් නැති නිසාවෙන්…….

17 වන සියවසේ දී ඒ කියන්නේ මීට අවුරුදු 400 කට විතර කලිං තමයි ලංකාවේ තැපැල් සේවය ආරම්භ කර ඇත්තේ ලංදේසින් විසිනි.

අපේ නෑදෑයෝ කියලා ත් කියන්න හැකියි. පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රිසි සියලුලෝම නෑ දෑයෝ අපේ  අඩු වැඩියෙන් අප…. ලේ වලට ජානවලට යම් සම්බන්ධයක් තියනවා…හිතන්න තමයි මාමේ ඒ කතාන්දරය කීවේ. වැදුනාද මන්දා……

ලංදේසි ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ල ගත්තට පස්සේ ඒ ඒ පළාත් අතර සන්නිවේදනය කරන්න තැපැල් සෙවය යොදාගෙන තියෙන්නේ . උදාහරණ විදිහට ගත්තම කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට, ගාල්ලට (මගේ ගමට) ගම ගාල්ලට ලංන්දේසින් ලියුම් යවලා තියෙනවා. මේකට වෙනමම බෝට්ටු සේවයය පාවිච්චි කරලා තියෙනවා. ඒකට කියලා තියෙන්නේ “පැකට් බෝට්ටු“ සේවය මගිනි.

ඉතිං මේ විදිහට අවුරුදු 400 ක කාලයක් තිස්සේ ලංකාවේ තැපැල් සේවාවේ ක්‍රියාත්මක වුනු බොහෝ උපකරණ මේ කෞතුකාගාරයේ දැකිය හැකිය මම දොඩංන උවමනා නෑ ගියාම බල්න හැකිය සහසුදෙන්නේම ඕං……

ලංදේසීන් තැපැල් කාර්යාල මුහුදුබඩ පළාත් වල පිහිටවපු එකේ ලියකියවිලි පවා මෙතනදි බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ගොඩාක් ඉස්සර ලියුම් අරගෙන ලංකාවේ ඈත පළාත් වලට කැලේ මැදින් යනකොට සත්තුන්ගෙන් ඇතිවන පීඩා වලට මුහුණ දෙන්න ඒ කාලේ හිටපු තැපැල් කරුවෙන්ට මිණිගෙඩියකුයි, හෙල්ලයකුයි ආණ්ඩුවෙන් දිලා තියෙනවා. ඒ විණි ගෙඩිය සහ හෙල්ලයත් මෙතනදි දකින්න පුළුවන්.

මේ දවස්වල පාතාලය හින්දා ….යායෙත් වැදුනාද මන්දා….

කථාවක් තියෙනවා ඉස්සර ලියුම් රට ඇතුලේ එහා මෙහා ගෙනියන්න වැද්දෝ යොදාගත්තා කියලා .එයාලාට කියලා තියෙන්නේ Mail Runners ලා කියලා. මොකද ඒ කාලෙග් මේ වැද්දෝ මිනින්දෝරු දෙපාර්තාමේන්තුව එක්ක වැඩ කරලා තියෙනවා. එයාලම මේ තැපැල් එකට යොදාගෙන තියෙනවා මොකද මහ කැලේ මැදින් ගමන් බිමන් යන එක සාමාන්‍ය කෙනෙකුට නුහුරු දෙයක් නිසා.

මේ දවස්වල නම් අපේ සමහර මාධ්‍ය ආයතන වැද්දන්ගේ කටයුතු,ලිපි බෙදීම, රන්ඩු කර වීම,මඩ ගෑම , පන්දම් ඇල්ලිම… කේලම් කියලා බැනුම් අහන කතා ආදිය සිදු කරන්නේ අපේ සමහර මාධ්‍ය ආයතන ප්‍රධානින්ගේ උවමනාවට අපේ අහිංසක මාධ්‍ය සඟයෝ. අපි .ද . ? ..ද ඇතුලත්ව ….වැදුනා ද මන්දා…..

ඒ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ ආසියාවේ මුලින්ම තැපැල් ප්‍රවාහනයට අශ්ව කරත්ත යොදාගෙන තියෙන්න අපේ රටේ. ඒවට කියන්නේ “අශ්ව කෝච්චි“ කියලා. ඒ වගේ තොරතුරු සියල්ලම දැනගන්න මෙතනදි පුළුවන්. ආසියාවේ මුලින්ම අපිට අශ්ව කෝච්චි දුන්නේ ඇයි? එතකොට හිතාගන්න පුළුවන් ඒ කාලේ අපේ තැපෑල මොන තරම් දියුණු ද කියලා. ඒ වගේම ඒ කාලේ ඒ කියන්නේ සුද්දාගේ

“රෝයල් මේල්“ කාලේ කොළඹ නගරයේ ලියුම් බෙදන්න යොදාගත්ත කරත්ත, සහ බයිසිකල් ආදියත් මෙතන ප්‍රදර්ශනයට තියෙනවා.තව ඉංග්‍රීසි ලංදේසී සහ පෘතුගිසි න්ගේ ලාංඡන අනුව වෙනස් වුන ලියුම් පෙට්ටි මෙතනදි දකින්නපුළුවන්. තව ඒ ඒ යුගවල නිල ඇඳුම් අන්දවපු අනුරූ කිහිපයක්ම දකින්න පුළුවන්. මේ අනුරූ වලින් එදා ඉඳලා අද දක්වා මේ ලියුම් බෙදන්නාගේ ස්වරූපය වෙනස් වුන හැටි දැනගන්න පුළුවන්.

අද වගේ බැංකු දියුණු නැති ඒ කාලේ පුංචි පෙට්ටියක් තිබුණා “හෝම් සේෆ්“ කියලා.ඒක හරියට කැටයක් වගේ එකක්.ඒකට කාසි දාලා පිරුණම තැපැල් කාර්යාලයට අරං ගිහිං ඒක විවෘත කරලා ඉතිරි කිරීමේ ගිණුමක දාන්න පුළුවන්. මේ “හෝම් සේෆ්“ එකේ යතුර තිබුණේ තැපැල් කාර්යාලයේ. මේ අපුරු “හෝම් සේෆ්“ එකත් මෙතනදි දකින්න පුළුවන්. අද වගේ දැන්වීම් ප්‍රචාරණයට මාධ්‍ය දියුණු නැති ඒ කාලේ සමහර දැන්වීම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ තැපැල් කාර්යාල වල. එහෙම ප්‍රසිද්ධ කරපු දැන්වීම් කිහිපයකුත් මේ කෞතුකාගාරේ ඔබ ගිය හොත් දැක ගත හැකිය.

තව ද ඒ කාලේ පාවිච්චි කරපු උපකරණ ඒ කියන්නේ ඉපැරණි Cash registers,සීල් කරන යන්ත්‍ර, ඒ කාලේ විදුලිය නැති තැපැල් කාර්යාලවල පත්තු කරපු ලාම්පු,තව අද වගේ සුභපැතුම් පත් සුලභ නැති කාලේ ලෝකයේ ඒක එක රටවලින් අපේ පෝස්ට් මාස්ටර් ජනරාල් ලට ආපු සුභ පැතුම් පත් වගේ බලන්න දේවල් ගොඩායි.කොල්ලනේ සුපිරියි ඈ…

තව ඉස්සර තැපෑල සහ විදුලි සංදේශ නැත්තං දුරකථන කියන දෙකම එකට තිබිලා තියෙන්නේ. ලංකාවේ දුරකථන මේ තර් ජනප්‍රිය වෙන්න කළින් ටෙලිග්‍රාෆ් සේවාව පවා තැපෑල එක්ක තමයි කටයුතු කරලා තියෙන්නේ. මේ නිසා තැපැල් කාර්යාල ගොඩාක් වෙලාවට ටෙලිග්‍රාෆ් කාර්යාල බවට පත් වුණා. ඒවායේ දැන්වීම් පුවරු කිහිපයකුත් මෙතනදි දකින්න පුළුවන්.

කොහොම වුනත් තැපෑල කියන්නේ මෙහෙන් මුද්දර ගහලා ලියුමක් දැම්මම ,අනික් පැත්තෙන් ලියුමක් ගන්නවා තරම් සරල වැඩක් නෙවෙයි කියලා තේරෙයි මේ කෞතුකාගාරය ගිහිල්ලාම බලුම….

අපි නොදන්න ඇපැල් නෑ වැරදුනා තැපැල් මාමා ද නැන්දා ද නැන්දාගේ දුවද..මම ද ආයෙත් වැරදුනා….. තැපෑල ගැන නොදන්න කියන දේවල් ගොඩාක් දැනගන්න මේ සති අන්තයේ නැන්දලා මාමලා දුලා පුතාලා…ආදර වන්තයෝ වන්තියෝ. තනිකඩ නිකම් කඩ මේ කියවන සමහර මල්ලිලාටත් ඕං  බලන්න “ටිලිං“ ගාලා දොරකඩට ලියුම් ……….හා ද……. අපි ඒ කාලයේ ලියුම් පෙට්ටියට ලියුමක් දමලා හූ කිව්වා බොලව්. මුද්දර ඇලෙව්වේ කෙළ ගාල ද ,සපත්තු පොලිස් කලේත් වෙන දේවල් කලේ කෙළ කේඨය…කේතලය … කියලා මතක අයත් ඇති මං හිතන්නේ.

තැපැල් කන්තොරුව අසල දිව දික් කරගෙන රස්සාවක් තියනවා නම් හොඳයි මේ දවස්වල ආණ්ඩුව තැපැල්  නිලධාරින් සියලුම ඇත්තෝ  අපට ඒ මේ රටේ මහජනතාවට… ජනතාවට දිව දික්කළා. දින 16ක්ම  දන් ඉතිං සතුටු ද, යහද, අනේ මන්දා ආයෙත් වැරදුනා. මන්දා ඇත්තටම අපට හැමදාමත්ම වැරදිලා….තැපැල් මාමගේ අතින් තැපැලෙන් ම ඒ දැනුම  දැනගන්න කම් අපි රටක් වශයෙන් පරාදයි…..නේද ?අපට රටට හරියන ලිපිය  ඒ ලිපිය එන විට අපි මැරිලා කියවන්න වෙන්නේ නෑ.අපායට  රිටන් කරපල්ලා…..ලිපිය පියුම් මාමේ…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *