අපට හමුවූ අද කාලේ අනේපිඬුසිටුවරයා -vedeo පහත ඇත

අපට හමුවූ අද කාලේ අනේපිඬුසිටුවරයා -vedeo පහත ඇත

අපට හමුවූ අද කාලේ අනේපිඬුසිටුවරයා.. බොහෝ චරිත, චරිත බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ කටේ ඇති ශක්තිය නිසයි. වැඩට වඩා කටින් බොහෝ දේ කළ හැකි ඔවුන් දක්ෂයන් ලෙස සලකන අවස්ථා බොහෝ පවතී. එහෙත් නිහඬව සිටිමින් තම සේවාව උපරිමයෙන් සිදු කරන අයද මේ සමාජයේ නැතුවාම නොවේ. එවැනි අපූරු චරිතයක් අපට හමු වුණා.

ඔහු නමින් ප්‍රසාද් හේමන්ත රණවීර මහතායි.. බොහෝ දෙනා දන් දී අඬබෙර ගසන සමාජයක මොහු අලංකාර බුදු මැදුරක් ඉදිකර කිසිදු තැනක තමන්ගේ නම සටහන් නොකිරීම නිසා ම බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඒ නිසා ම ගෞරව සම්මානයට ද පාත්‍ර වුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මෙම අපූරු චරිතය සත්‍යවාදී සමාජයකට අතිශයින් වැදගත්. ඒ චරිතෙ අපූරු තැන් අපි සොයා බලමු.

ව්‍යාපාරික ප්‍රසාද් හේමන්ත රණවීර මහතාට විශ්ව කීර්ති; දේශමාන්‍ය; ධර්ම ප්‍රසාද; ව්‍යාපාර භූෂණ ;මානව හිතවාදී ;සියනෑ පුත්‍ර යන පදවි නාමය

කොවිඩි සමයේ කාගෙවත් හව්හරණක් නොවූ දිළිඳු පවුල් වලට ආහාර ලබා දෙමින් පිහිටවු ව්‍යාපාරිකයාට ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු කමිටුව මගින් ඵ් ගෞරව නාමය ලබා දි තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු කමිටුව මගින් මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවට කරනු ලබන සේවාවන් ඇගයීම සිදුකරනු ලබයි. එම ජනතා සේවාවන් වලට කැපවූ පුද්ගලයින් සඳහා ගෞරව නාම ප්‍රදානය කිරීම සිදුවන්නේ වසර ගණනාවක් එම සේවාවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙි ඔහු සමග LANKA VOICE TV කල සාකචිජාවයි–(vedeo පහත ඇත)

• ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නේ කොහොමද?

මම වසර 10කට පමණ පෙර ව්‍යාපාරය ආරම්භ කරේ. මට කුඩා කාලයේ පටන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධව ඇල්මක් තිබුණා. අවුරුදු 8 දී පමණ සිට පාසල් ගොස් නිවසට ආ පසු විවිධ ඉදිකිරීම් වැඩ තනිවම සිදු කළ. ගෙදර වතුර ටැංකියක් හැදුවා තනිවම. ඒ විදිහට වැඩ කරද්දී තමා ආයතනයක් ආරම්භ කරන්න හිතුනේ. සුළු පරිමාණයෙන් ආරම්භ කරල මේ වෙද්දී යම් මට්ටමකට ඇවිත් තියෙනවා.

• ආයතනය පිහිටා තියෙන්නේ කොහෙද? සේවකයින් කොපමණ සේවය කරනවාද?

අපේ ආයතනය දැනට පිහිටල තියෙන්නේ ඒකළ ඔරෙක්ස් සිටි ගොඩනැගිල්ලෙ. ආයතනයේ සෘජුව ම වැඩ කරන සේවකයින් 200 පමණ ඉන්නවා. වක්‍රාරයෙන් සේවය කරන්නන් 300 ත් 400ත් අතර ප්‍රමාණයක් ඉන්නවා.

• අතේ තියෙන මුදලට ඔබතුමාගෙ සමාගමෙන් නිවසක් තනා ගන්න පුලුවන්ද?

බොහෝදෙනෙක් අපිට කතා කරනවා අතේ තියෙන් මුදල් ප්‍රමාණය ලක්ෂ 6යි, ලක්ෂ 10, අතේ තියෙන මුදලට වැඩ ඉවර කරගන්න පුළුවන්ද? මාස කිහිපයකින් සම්පූර්ණ මුදග ගෙවන්න පුළුවන්ද? වගේ ගැටලු විමසනවා. එවැනි අවස්ථා වලදී අපි අපේ මට්ටමින් කරන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. අර්ධ වශයෙන් වැඩ නිමකළ ගොඩනැගිලි වුනත් අපි සම්පූර්ණයෙන් වැඩ නිමා කරන්න බාරගන්නවා. සාමන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අර්ධ වශයෙන් වැඩ නිමකළ ගොඩනැගිලි, වැඩ අවසන් කිරීම සදහා බාර ගන්නෙ නෑ. නමුත් අපි එවැනි ගොඩනැගිලි වැඩ නිමකරනවා.
ඒ වගේම අපේ ආයතනය ගම්පහ දිස්ත්‍රික්කයට හෝ බස්නාහිර පළාතට සීමා වී නෑ. දිවයිනේ ඕනෑම තැනක අපි ඉදි කිරීම් වැඩ සිදු කරනවා. අපි දිවයින පුරා ව්‍යාප්ත සමාගමක්. මෙහිදී අපි අපේ ලාභයට වඩා පාරිභෝගිකයාට අවශ්‍ය සහය ලබාදෙනවා. නැතිනම් අඩු ආදායමක් ලබන අයට අසාධාරණයක් වෙනවා. අවම මුදලකය නිවසක් තනාගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා.

• ඔබතුමන්ගේ සමාගම භාවිත කරන අමුද්‍රව්‍ය පිලිබද ලබා දිය හැකි තත්ත්ව සහතිකය කුමක්ද?

මෙම ගැටලුව බොහෝදෙනා විමසනවා මෙතරම් අඩු මුදලකට වැඩ අවසන් කරන්න පුලුවන්ද කියල. බොහෝ අය තොරතුරු විමසනවා නමුත් ඉදිකිරීම අපිට බාරදෙන්නෙ නැ. මේ ගැන සොයා බැලීමේ දී අපි හදුනාගත්තේ අඩු මුදලට තත්ත්වයෙන් බාල අමුද්‍රව්‍ය භාවිත කරනවා කියල මතයක් නිර්මාණය වෙලා. නමුත් අපි සෑම විටම භාවිත කරන අමුද්‍රව්‍ය සියල්ලම ගිවිසුමේ ඇතුලත් කරනවා. ඒ වගේම අමුද්‍රව්‍ය පරීක්ෂා කරන්නත් හිමිකරුට අවස්ථාව ලබාදෙනවා. අපි විශාල ලාභයක් එක් නිවසකින් අපේක්ෂා කරන් නෑ. අවම ලාභයක් යටතේ ඉදිකිරීම් කිහිපයක් මගින් තමා අපේ සමාගම ලාභය රදවා ගන්නේ.
හැකි සෑම අවස්ථාවකම මම පෞද්ගලිකව වැඩ බිම් පරීක්ෂා කරනවා. ඉදි කිරීම් අතරතුර වැඩ බිමට ගිහින් හිමිකරු සමග සාකච්ඡා කරනවා ගැටලු අඩුපාඩු සොයා බලනවා. බොහෝ අවස්ථා වල සතියකට එක් දිනක් පමණයි කාර්යාලය විවෘත කරන්නෙ. සතිය පුරාම එක් එක් වැඩ බිම් පරීක්ෂා කරනවා. යම් වැඩ බිමක් ගැන මට ගැටලුවක්, සැකයක් ඇති වුනොත් එ මොහොතේම මම යනව අදාළ වැඩ බිම පරීක්ෂා කරන්න.

• පවුලේ සාමාජිකයින් සමග දෙවන පරම්පරාව සමග ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කොහොමද?

මගේ පුතා තවමත් අධ්‍යාපනය ලබනවා. නමුත් ව්‍යාපාර කටයුතු සදහා මට උපරිම සහයෝගය ලබා දෙනවා. පවුලේ අය සමග නිරන්රයෙන් ව්‍යාපාර කටයුතු සාකච්ඡා කරනවා. මම තනි මතයට කටයුතු කරනවා නම් සමහර විට මෙතරම් සාර්ථක නොවෙන්න ඉඩ තිබුණා. පුතා සහ පවුලේ අය සමග සාකච්ඡා කරමින් ව්‍යාපාර කටයුතු සිදු කිරීම මට ලොකු ශක්තියක්.

• මේ සම්මානය ඔබට ලැබෙන්නේ කොහොමද?

මම බෞද්ධයෙක්. අපේ පවුලේ සියලුදෙනාත් බෞද්ධයින්. මම කුඩා කාලයේ සිටම ආගමට ලැදියාව තිබුණා. මම විහාරස්ථාන වල ඉදිකිරීම් තටයුතු වලය සම්බන්ධ වෙනවා නිරන්තරයෙන්. එක් අවස්ථාවක සීදූව රාජපක්ෂ ගමේ ගම්වාසීන් බුදු කුටියක් නිර්මාණය කරල බුදු පිළිම වහන්සේ වැඩම කරවා තැන්පත් කරගැනීමට සහයෝගයක් අවශ්‍ය බව කිව්වා. මම ඒ සදහා කටයුතු සූදානම් කරල පෙරහැරකින් පිළිම වහස්නේ වැඩම කරවා තැන්පත් කරා. මම ඒක කරේ ප්‍රසිද්ධියකට නෙමෙයි. ඒක මගෙ හිතේ තිබුණු ප්‍රාර්ථනාවක්. මේ අවස්ථාවේ බණ්ඩාරනායක ගුණානුස්මරණ සංවිධානයේ ලක්මාල් මහතා මේ ගැන දැනගෙන මාව සම්බන්ධ කරගත්තා. ඉන් පසුව එතුමා එක්ක වැඩ කරන්න පටන්ගත්තා. ඒ ඔස්සේ තමා සම්මානය ලැබෙන්නේ.

• වටිනා ඉඩමක් පරිත්‍යාග කර තිබෙනවා

ඒ ඉඩම මහනුවඑ දිගන ප්‍රදේශයේ තියෙන්නේ. මගේ පියාට අයත් ඉඩමක්. එය මට තමා හිමිවෙන්න තිබුණේ. මගේ පියා වසර 20කට පමණ පෙර සිට ඉඩමේ පවුලකට ඉන්න ඉඩ දීල තිබුණා. මට ඒ ඉඩමේ අයිතිය ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මම ඔවුන්ට දිගටම රැදී ඉන්න අවස්ථාව දුන්නා.

සියලු විස්තර පහත වීඩියෝවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *