අනේ බුදු හමුදුරුවනේ වෙසක් අමුතු වෙලා අපි අසරණ වෙලා

උප්පැනුන සහතිකයට පමණක් සීමා වු සිංහල කම බෞද්ධ කම

අනේ බුදු හමුදුරුවනේ වෙසක් අමුතු වෙලා අපි අසරණ වෙලා හාමුදුරුවණේ යැයි අපට බුදු හිමියන්ගේ පිලිරුව අසරලට ගොස් කියන්නට තරම් අප අසරණ වී ඇත.

විදේශීය රටවලින් මෙරටට ආනයනය කරන විවිධ වර්ගයේ බකට් සහ වෙසක් කූඩු මේ වනවිට වෙළෙඳපොළේ වැඩි වශයෙන් අලෙවි වන නිසා දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය අභාවයට යමින් පවතින බව දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදකයෝ සඳහන් කරති.

මේ වනවිට දේශීය බකට් සහ වෙසක් කූඩු සඳහා වන ඉල්ලුම පහත වැටී තිබෙන බවත් වසර ගණනක සිට මේ කර්මාන්තය පැවැතුණත් මේ වනවිට බළපිටිය, අහුන්ගල්ල, නෙල්ලිගොඩ යන ප්‍රදේශවලද මේ නිෂ්පාදන සිදුවන්නේ ඉතා අල්ප වශයෙන් බවත් ඔවුහු පෙන්වා දෙති.

දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය සඳහා විදේශීය රටවලින් ආනයනය කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමද මීට එක් හේතුවක් බව ඔවුහු සඳහන් කරති.

තම කර්මාන්තය සඳහා නිසි අවධානය යොමු කරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ එලඹ තිබෙන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල් උත්සවයයි.බෞද්ධ අපගේ අවුරුදු සමයයි.වෙසක් මස හා පොසොන් මස මුල් කරගෙන අපේ රටේ දැල්වෙන පහන් කූඩු හැදුනේ කොහොමද කියලා ඔබ දැන සිටියාද.බෞද්ධ ආගමත් සමඟම බැඳුන ගමයි පන්සලයි වැවයි දාගැබයි. එක්ක බැඳී තිබුන අපූරු සම්බන්ධකම් අගනේය.කොපමන සුන්දරත්වයකින් පිරි මිහිරියාවක් තියෙන්නට ඇතිද එය සුන්දරය.එදා අපේ ජනාවාස බොහෝ දුරට තිබුනේ කැලෑබද වනගහන ප්‍රදේශය වලයි.මංමාවත් උවද එසේය.රාත්‍රී කාලයේ පන්සල් යන මෙම ගැමි පිරිස් බොහෝදුරට රෑ ගමන් බිමන් යන්නේ හුලූ අතු එලියෙනි.අද මෙන් එදවස විදුලි ආලෝකය තිබුනේද නැත.මංමාවත් උවද ලඳු කැලෑ අතරින් වැටුන ඒවාවිය.වෙසක් පොහෝ දිනට ඔවුන් බෞද්ධ ආගමික නාට්‍ය. සිදුහත් උපත .සම්බුද්ධත්වයට පත් වීම පරිනිර්වාණය,යනාදී නොයෙකුත් ආගමික වැඩසටහන්.එදාද ගම් වල පවත්වා ඇති අතර ඒවා බැලීමට අහල පහල ගම්මාන වල අයද එක්‍ රැස් විය. මෙසේ තම ගම හරහා පන්සල් යන බැතිමතුනගේ පහසුව සඳහා අලෝකය සැපයීමේ ක්‍රමයක් ලෙස එලි සකස් කර තිබුනත්. උන බට පහන් වැටි. කෙසෙල් බඩ පහන් වැටි. ආදිය දැල්වුවද මෙම පහන් හුලඟට නිවීයයි .එම නිසාම එම අපහසුව මඟ හරවා ගැනීමෙ ක්‍රමයක් ලෙස කෝටු කෑලි උන බට පතුරු උපයෝගී කරගෙන සෑදුව සැකිල්ලක් භාවිතයට අරගෙන එහි ආලෝකය මැනවින් විහිදීයෑමට හැකිවන ලෙස ලා පැති ආවරනයකින් වසා තබා ඇත. එසේ සකසා ගත් පහන් කූඩූ බැති මතුන්ගේ පහසුව සඳහාම වැට අද්දරින් එල්ලා තබන්නට තරම් ඔවුන් පරිත්‍යාග ශීලී විය.

ඒ විදියට හැදුන මෙම පහන් කූඩුව පසු කාලෙක නොයෙකුත් හැඩතල වලින් නිර්මාණය වෙන්නට උනා.කලා කරුවන්ගේ දෑත් වලින්.මේවා නෙලූම් මල් අපට්ටම්,තරු,අහස් යානා,හංස, ඇත්,නෙළුම් මල්, අටපට්ටම්, හතරැස් බෝල, තුන්, හුලස් වැනි අපූරුතම ආකෘති දක්වා අද වැඩි දියුණු වී තිබෙන්නේ එදා ඒ සැදුන පහන් කූඩුවයි .මෙම වෙසක් කූඩු සංකල්පය සිංහල ශිෂ්ටාචාරයටම ආවේනික වුන ඉතාමත් වැදගත් උරුමයක් මෙන්ම මෙය පරපුරෙන් පරපුරට ගෙනියන සංස්කෘතික අංගයකි.නියම අරුතින් මෙහි ඉතිහාසය ගතහොත් සිංහල බෞද්ධ ජනතාව අන් අයගේ සුභ සිද්ධිය සඳහා රාත්‍රී කාලයේ ගමන් කරන බැති මතුනට ආලෝකය සැපයීම සාඳහාම නිර්මානය කල අපූරුතම නිර්මාණයකි.

මේ දවස් වල ප්‍රධාන නගර වල අඩියෙන් අඩිය වෙසක් කූඩු විකුණු දැකිය හැකිය.සල්ලි තියනවා නම් රුපියල් 100 ඉදලා ඉහල ගණන් වලට වෛවාරණ වෙසක් කූඩු මිලට ගන්න හැකිය.කොච්චර ලස්සන උනත් පවුලේ අයත් එක්ක එකතු වෙලා ගෙදර හදන වෙසක් කූඩුවක වටිනාකම සල්ලි දීලා ගන්න කූඩුවක තියනවද? යන්න එක්වරක් නොව දෙවරක් සිතිය යුතුව ඇත. අද වන විට ලංකාවේ සියලුම පාසල්වල පුසුගිය සතියේ තම තමන්ගේ පන්ති කාමරවල වෙසක් කූඩු සකස් කරන දරුවන් දැකිය හැකියි. නමුත් එහෙම සිදුකරන්නේ ගුරුවරයාට බිය නිසා හෝ ගුරුවරයාගේ අනු මැතිය  නිසාය.

නමුත් ගෙදර සියලුම දෙනා අම්මා තාත්තා සහෝදර සහෝදරියන් එක්ව වෙසක් කූඩුවක් සකස් කරන්නට හැකි නම් එදා මෙන් කොතරම් අගනේද ? ආත්තම්මා සියා  වෙසක් කූඩු හදන සාත්ත්‍රය සුත්‍රය අපට කියා දුන්නේ මහා උජාරුවෙනි.

පුංචි කාලේ අපි කොච්චර සතුටක් ලැබුවද පවුලේ අයත් එක්ක ගෙදර වෙසක් කූඩු හදලා තියන සතුට කොතරම් අගනේ ද? අවුරුදු ඉවර වෙලා සතියක් යන්න කලින් අපි පටන් ගන්නවා වෙසක් කූඩු හදන්න අප කුඩා කාලයේ දී නම් සිදු කළේය.

මුල්ම වැඩේ තමා උණ පදුරක් හොයාගෙන ගිහින් හොද උණ බටයක් කපාගෙන එන එක. ඊට පස්සේ හදන කූඩුව මොකද්ද කියලා තීරණය කරනවා,හැබැයි ඉතින් අටපට්ටමක් නම් අනිවාර්යෙන්ම හදනවා,අටපට්ටමේ අමුතුම ගාම්භීර ගතියක් තියනවා,හරියට වෙසක් කූඩු අතරෙ ප්‍රධානියා අපට පෙන්වා දිය හැකිය.

කූඩුවට අවශ්‍ය ගානට බට පතුරු කපලා දවසක් දෙකක් වේලෙන්න තියනවා,මොකද එහෙම කලේ නැත්නම් කූඩුව හැදුවට පස්සේ ඇද ගහන්න පුලුවන්.පස්සේ බකට් කම්බි/රබර් පටි/නූල් වගේ දේකින් කූඩුව බැද ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ කූඩුව අලවන්න.ගොඩක් වෙලාවට කරන්නේ සුදු පාටින් කූඩුව අලවන එක,කූඩු අලවන වැඩේට අක්කලා/නංගිලත් ගොඩක් උදව් කරනවා.නමුත් අපි කොතරම් අසරණ ද කඩේට ගොස් හාල් පොල් ගන්නාක් මෙන් වෙසක් කූකුවක් ගන්නා තරමටම අපි දුරුවල ජාතියක් වී ඇත. මෙහි දි මෙම වෙසක් කූඩු නිෂ්පාදනය කරන පිරිස අපහසුතාවයට පත් කරන්නට අප අදහස් නොකරමු. නමුත්. අප අපි විසින්ම මෙය තෙරුම් ගත යුතුව ඇත.

අපි එදා අන්තිමට කූඩු එල්ලලා තියලා වෙසක් දවසේ හවස 7ට විතර කූඩු වලට විදුලි ආලෝකේ සපයයි. මහන්සි වෙලා හදපු කූඩුව පත්තු කරන ඒ වෙලාවේ හිතට පුදුම සන්තෝෂයක් එන්නේ,ගෙදර හැමෝගෙම මූනු වල පුංචි හිනා රැල්ලක් මතු වෙනවා ඒ වෙලාවට.ඒ එන හැගීම කඩෙන් ගෙනත් පත්තු කරන කූඩුවකින් ලැබෙනවද කියන එක නම් සැකයි.

ප්‍රතිපත්ති පූජාව ඉහළින් තබා කතා කළත් හැකිතරම් ඉහළින් වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් අපේ බෞද්ධ සමාජයේ බොහෝ කලක පටන් පැවති පුරුද්දකි. මේ හේතුවෙන් අපේ වෙළඳ ප්‍රජාවගේ ද කරල පැහේ. අවුරුදු සමයේ රෙදි පිළි කඳු සමඟ හෙට්ටු කළ රෙදි පිළි වෙළෙඳ සමාජය අවුරුද්ද ගෙවී ගිය ගමන් වෙසක් උළෙලට යෝග්‍ය ගැහැනු, පිරිමි, ළමා සුදු ඇඳුම් සිය ප්‍රදර්ශනාගාර තුළ එල්ලා තැබූහ. වෙසක් කොඩි අලෙවිය ඊට අමතර කාරණයකි. දන්සල් සමය බැවින් කවර තත්ත්වයක් යටතේ වුව ද එළවළු මිල ඉහළ ය. දැන් දැන් දන්සල් පොසොන් සමයේ ද සුලබ වන බැවින් එළවළු මිල ජූනි මාසයේ ද පහත වැටෙන්නේ නො වේ.

රබර් කිලෝව සඳහා ගෙවන්නේ රුපියල් තුන්සියයට අඩු මිලකි. ඔට්ටුපාලු මිල ඊට බෙහෙවින් පහළ ය. එහෙත් වෙසක් කූඩු සඳහා බටපොතු රාමු බැඳගන්නට ඔට්ටුපාලු මිලට ගන්නට ආ කොලුවන්ගෙන් ග්රෑම් 100ට රුපියල් 80 බැගින් අය කරන්නට ඇතැම් රබර් වෙළෙන්ඳෝ කටයුතු කළහ. කල දුටු කල වළ ඉහ ගැනීම අපේ ක්‍රම වේදයයි.

කොහොමටත් වෙසක් උළෙල ස්වයංරැකියා හා නව කර්මාන්ත බිහි කරන වකවානුවකි. අතීතයේ මෙන් බට කපා සුද්ද බුද්ද කර වෙසක් කූඩු හදන්නට නාගරීකරණය වූ සහ කාර්ය බහුල වූ සමාජයකට අසීරු බැවින් උණ හා බට පඳුරු පිටින් මහමඟ ගොඩගහ ගෙන වෙසක් කූඩු සාදා විකුණන පිරිස් සුලබව දැකිය හැක. අද නම් වෙසක් කූඩුවේ රාමුව ප්ලාස්ටික් වලින් සාදා පොලිතින් කවරවල බහා විකුණන්නට තිබේ. සීරියස් බල්බ් වැල් තනන අයට ද වෙසක් සුබ කාලයකි. තොරණ තනන විදුලි කාර්මිකයන්ට මෙන් ම සිත්තරුන්ට ද ඉවර පවර අඩු ය.

අපගේ ආසන්නතාවයක මහිමයට මේ වාගේ දැනුව්ම්ද දැකිය හැකියි.මේ ඉන් එක්කි.

නිර්මාණය කරන ලද වෙසක් කූඩු ඔබගේ ව්‍යාපාරික ස්ථානයට/ නිවසට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඉල්ලීම පරිදි අලවා අවශ්‍ය ස්ථානයට ගෙනවිත් භාර දෙනු ලැබේ.දැන්ම වෙන් කරවා ගන්න[ගාස්තු සහිතයි] සියළුම විමසීමි:-

වෙසක් මස පසළොස්වක දිනයේ ආගමික හා සංස්කෟතික උත්සවයක් ලෙස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දාන මය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුලත් වේ. විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වුනු තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කෙරෙති. මේවාට අනුග්‍රහ දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධක සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් (වෙසක් කූඩු) එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ. මෙම සතිය තුළ කොළඹට රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ විශාල ජනකායක් රැස්වෙති.

මෙවර වෙසක් උත්සවය උදෙසා පිළිවෙතින් පෙළ ගැසෙන්නට බලමුළු බැඳ ගත් රටක ඉනික්බිතිව සැමරෙන වෙසක් මංගල්‍යය ද ළඟ ළඟ ම ය.

පෙළ ගැසුණු පිළිවෙත් පෙනෙන මායිමකවත් නැත. ඒ වෙනුවට යළිත් වරක් වෙසක් නො හඳුනනා ‘වෙසක්’ ගෙන, වෙසෙඟ් උත්තරීතරත්වය කෙලෙසන්නට බලමුළු බැඳෙන බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

පොහොය දිනය හුදු නිවාඩුවක් සහ විනෝදයක් පමණක් කරගත් සමාජ ක‍්‍රමයක ඛේදනීය වටපිටාව මේ දිනවල සූදානම් වන්නේ වෙස්මුහුණු බැඳ ගත් ඔළුබක්කන්ගෙන් සමන්විත කානිවල් එකක් බවට වෙසක් පොහෝ දිනය ද පත් කරවන්නට ය. වෙස්මුහුණකින් සැබෑ මුහුණ සඟවා ‘අමුතු වෙසක්’ හෙවත් ‘වෙනත් වේෂයක්’ ගැනීම වෙසක් පොහෝ දිනයේ අර්ථය යැයි සලකා කටයුතු කරන මේ මන්ද බුද්ධික සමාජ ක‍්‍රමයට කෙසේ ආමන්ත‍්‍රණය කළ යුතු ද යන්න පවා ගැටළුවකි.

වෙසක් යනු වෙනසක් හෝ වේෂයක් යන්න නො වේ. අතිශයින් දුර්ලභව ලෝකයට පහළ වන්නා වූ, කෙලෙස් පියස්ස කඩා බිඳ දමා තෙර තරණය කරන්නා වූ, එතෙරට වීම පිණිස ම දෙව් මිනිසුනට මඟ පෙන්වන්නා වූ අනුත්තරීය ශාස්තෘ රත්නය ලොව පහළ වන්නේ ද සම්බුද්ධ රාජ්‍යයේ සම්බුද්ධාභිෂේකය ලබන්නේ ද තුන්ලොව නිවා සනසවා, නිවී යන පහන් සිලක් සේ පිරිනිවෙන්නේ ද මේ අති උත්තම දිනයේ දී ය. ලෝකයේ යම් උපතක් පරම දුර්ලභ වූයේ ද පරම ශ්‍රේෂ්ඨ වූයේ ද සදාතන සැප සලසන්නක් වූයේ ද ඒ එකම උපත සිදු වූ මේ දිනය ඇත්තේ ඒ උත්තරීතර ශාස්තෘත්වයේ අපරිමිත ගුණ සමුදාය පුද දෙන්නට විනා අමුතු වෙසක් ගෙන විකාර දර්ශන දක්වන්නට නො වේ.

ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතු පිළිවෙත් පසෙක තබා පාරක් පාරක් ගානේ අනේක ප‍්‍රකාර වෙස්මුහුණු එල්ලාගෙන සිටින්නවුන්ට වුවමනා වී ඇත්තේ උත්තම වෙසක් මංගල්‍යය ද අමනුෂ්‍යයන් මෙන් විකාරරූපී වෙස්මුහුණු පැළඳගෙන ගයනා, වයනා, නටනා උන්මන්තක බටහිරයන්ගේ තවත් හැලොවීන් (Halloween) දිනයක් ම බවට පත් කරන්නට නො වේ ද? මේ හැලොවීන්කරණය අපට අමුතු වෙසක් ගන්නට පමණක් නො ව වෙසක් මංගල්‍යයේ සැබෑ අරුත අමතක කරවන්නට ද සමත් වී ඇත. වෙසක් කියූ සැණින් දැන් සමාජයට සිහිපත් වන්නේ පාට පාට බකට්, වෙසක් කාඩ්, පහන් කූඩු, තොරණ් සහ වෙස්මුහුණු ය. මේ දේවල් ‘වෙසක්’ කියා බදා ගත්තවුන් කෙසේ නම් අරුත් දැන තුන්ලෝකාග‍්‍ර වූ තථාගතයාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යයන් පුද දෙන්න ද?

පෙරුම් දම් පුරා සපැමිණි බෝසත් කුමාරයාණෝ පිපි පියුම් මත සත් පියවර තබා ‘‘මම ලොවට අග‍්‍ර වෙමි, ජ්‍යේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ අවසන් උපත ය, යළි උපතක් නැත” කියා සිංහනාද කෙරූ දිනය….. ලොව සියලූ බිය එක මිටට ගෙන පසමිතුරුව නැගුණු දස බිම්බරක් සේනා සහිත මරු පරදවා දසබලයාණන් වහන්සේ විජයග‍්‍රහණය ලද දිනය….. හතලිස් පස් වසරක් මුළුල්ලේ සත්වගට සෙත සලසාලූ විශාරද ගුණ මුහුදාණන් වහන්සේ පරිනිර්වාණයට පැමිණි දිනය….. වෙස් බැඳ අඩව් අල්ලන්නවුන් නච්ච, ගීත, වාදිතයෙන්,දුරාචාරයෙන් කුල්මත්ව, කූට සේරිවානිජ පරපුරේ වෙළඳ ඉලක්කයන් සපුරාලන කොඩිවිනයක් බවට පත් කිරීම කෙතරම් ඛේදනීය ද?වෙළඳ පරමාර්ථ ගැන හැර සමාජීය අර්ථයක් සැපයීමක් ගැන හාන්කවිසියක්වත් නො සිතන මේ වෙළඳුන්ගේ වෙස්මුහුණූ ජාවාරම් හමුවේ වෙසඟේ උත්තරීතරත්වය නිරුවත්ව කෙලෙසී යන වග දැන දැනත් බලධාරීන් අනුගමනය කරන නිද්‍රශීලී ප‍්‍රතිපත්තිය ප්‍රෞඩ ජාතියේ අභිමානයට එල්ල කෙරෙන අතුල් පහරකි.

නිවී සැනසීම උරුම කළ නිදුකාණන් වහන්සේගේ ගුණස්කන්ධය සිහිපත් කෙරෙන උත්තම වෙසඟ මොවුන් වෙස් බැඳ සඟවා තබන්නේ දැවී වැනසීම ඉලක්ක කරගත් පුහුදුන් සමාජ සංස්කෘතීන් කරපින්නාගෙන ය. එයින් දැවෙන්නේ ඔවුහු පමණක් ම නො වේ, උත්තම වෙසඟේ අසිරිය, අභිමානය, අරුත සහ ගෞරවය ද එයින් මුළුමනින් ම වැනසී යයි. අනාගත පරපුරේ නිර්මල ධර්ම දායාදය ද එයින් නැසී යයි.

සම්බුදු දහමේ නිර්මල දායාදය ‘තෙමඟුල් සාදයට කටගැස්මක්’ කරන වග දැක දැකත් අප තවත් නිහඬව සිටිය යුතු නැත. වෙස් බැඳ ගත්තවුන්ගේ වෙස් ගලවන්නට මේ සුදුසු ම කාලයයි. ඔබ අද ඔවුන්ගේ වෙස්මුහුණ නො ගෙන වෙසක් සුබ පැතුම්පත, පහන් කූඩුව ගන්නවා වන්නට පුළුවන. එහෙත් එයින් ඔවුන්ට, ඔවුන් සිදු කරන විනාශය ඒත්තු ගැන්වෙන්නේ නැත. ඒ නිසා කළ යුතුව ඇත්තේ වෙසඟ අනර්ථවත් කරවන කවරක් හෝ සිල්ලරට වුව විකුණාගෙන මඩිය තර කර ගන්නට පොර කන්නවුන් දෙසවත් නො බලා වෙසක් මංගල්‍යයට සූදානම් වීම ය. දහමට වින කටින දෙස් විදෙස් බළමුළුවල අතකොළුවක්ව වෙසක් මංගල්‍යය දිනයේ රටට ම වෙස්මුහුණු පළඳවන්නට වලි කන මේ සියලූ වෙළඳ ජාවාරම් අප වර්ජනය කළ යුතු ය. මෙවැනි විකෘතීන් සමාජගත කරන්නන්ගෙන් කිසිවක් ම මිල දී නො ගත යුතු ය. එය ඔවුන්ගේ බඩට පහර ගැසීමක් නොව ව්‍යාපාර මුවාවෙන් සිදු කෙරෙන ශාසනික විනාශයන්ට වැට බැඳීමකි.

අද ඔබ ඔවුන් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ ඒ සිදු කළේ වෙසඟේ අරුත නසාලන මහා සමාජ ව්‍යවසනයක් වළක්වාලීමට සෘජු පියවරක් ගැනීමයි. එවැන්නක්වත් සිදු කරන්නට නො හැකි නම්, සකල ලෝ වැසියන් හමුවේ අභියෝග රහිතව නැගී සිටි ඒ දිව්‍ය සුපූජිතයාණන් වහන්සේගේ අනුගාමිකයන් කියා අපව හඳුන්වා ගන්නට අයිතියක් අපට නැත.

ඉතිං උප්පැනුන සහතිකයට පමණක් සීමා වු සිංහල කම බෞද්ධ කමට තිති තබා සත්තකින්ම අපි බෞද්ධයෝ වොමු….වෙසක් හැමදාමත් නෑ කියා පැවසුවුද මේ ආකාරයට අප කටයුතු කළ හොත් හැමදාමත් නත්තල් වාගේ හැමදාමත් වෙසක් අපට උදාකර ගත් හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *