අනුරාධගමම හැඩ වු පාසල් සිසුවාගේ කඳුළු කතාන්දරය

අඩි 70ක් සිසුවා ගුවනින්ම අසල කැලෑ රෝදකට වැටෙයි.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ ගාල්ල    2018.03.19

යටගල මහා විද්‍යාලයම හඩා වැටෙයි.මිය ගිය මේ තම යහළුවා,මිතුරා පංති සඟයා, මිතුරා යළි කවරදාවත් ඔවන් සොයා නොයනු ඇත.
නොහික්මුණු රියදුරුකුගේ නොහික්මුණු ගමනක් නිසා හිරිමල් වියේ වු මේ අහිංසක සමනල් පැටවා පාසලට අහිමි විය. රටට සමාජ‍යට
මහා සේවාවක් කරන්නට තරම් දක්ෂ අනාගත රට ලොව ගොඩනගංනට හැකි මහා පුරුෂයෙක් සදහටම මෙලොව හැර ගොස්ය. ආදර
අම්මා තාත්තාට ආදරණිය පුතකු අහිමවී ගොස්ය. යහළුවන්ට මිතුරන්ට  තම අඹ යහළුවා සදහටම මෙලොව හැරගොස්ය.

පාසලේ වෙනදා ඇතිවු මහා ඝෝෂව අද නැත. අද ඇත්තේ නිහඩියාවකි. ඉකිබිදුමකි. දුක්මුසු වු නින්නාදයකි. ඒ මේ ගා/ යටගල මහා
විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඌරගස්මංහන්දිය අනුරාධගම පදිංචි ටී.එච්. ශහන් මධුරංග සේනාරත්න නැතිව
හඩනාවු එකම පරිසරයකි.

සර සර ගා ඉකිබිදින සුදුම සුදු ඉටි කොල අහසුපුරා කඳුළු සලා සුළඟට මුසු කරයි. එක යායට එක රෑනට සුදෙන් සුදට සුදුකොඩි පාරදෙපස
වැටි ඇත. සුදුකොකුන් රෑනක්සේ තම සමිපතමයාගේ නිසල දේහය බලන්නට දකින්ට පාසල් මිතුරෝ එති. ගමේ ළස්සනම හුරතල්ම
හොඳම දරුවා බලන්ට  ගම්වාසිහු පෙළෙන් පෙළට අනුරාධගමට ඇදී එන්නේ ශෝකය මුසු වු නිහැඩියාවකිනි.

ගාල්ල,ඇල්පිටිය අලුත්ගම පාරේ ඌරගස්මංහන්දිය යටගල නම් ප්‍රදේශයේදී (17) දින පස් වරු 07.15ට පමණ ලොරි රථයක් පාපැදියක
ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහල් ගතකිරීමෙන් පසු මියගිය බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ ගා/ යටගල මහා විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඌරගස්මංහන්දිය අනුරාධගම පදිංචි
ටී.එච්. ශහන් මධුරංග සේනාරත්න නැමති අවුරුදු 15ක් පමණවන පිරිම් ළමයෙකි.

පාසල් නිවාඩු දිනවල එම සිසුවා මාගල ප්‍රදේශයේ ගරාජයක වාහන අලුත්වැඩියා කිරීම පුහුණුවට යන බවත් අනතුර සිදුවූ දින ඔහු ගරාජයේ වැඩ නාමවා නිවෙසට යමින් සිටියදී ඇල්පිටිය දෙසින් අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී සිසුවාගේ පාපැදියේ ගැටී ඇතැයි පොලීසිය විස්වාස කරයි.

පාපැදියේ පැමිණි සිසුවා අනතුර සිදුවූ ස්ථානයේ සිට අඩි 70ක් දුරට විසිවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් විනාඩි දහයක් පමණ සෝදිසි කිරීමෙන් පසු සොයාගෙන ත්‍රී රෝද රථයකින් ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත් කර ඇත.

සිසුවා ගැටීමෙන් පසු ලොරි රථය මිටර් 100ක් පමණ දුරගොස් නතර කරගත් රියැදුරා පලාගොස් ඇති බවත් අනතුර සිදුවූ ස්ථානයේ තිරිංග සලකුණු කිසිවක් සටහන්ව නැතැයි ද පොලීසිය පවසයි.

ලොරි රථය පදවා ඇත්තේ සැහැල්ලු වාහන රියැදුරු බළපත්‍රයක් හිමි ගරාජයක කාර්මිකයෙකු බවත් ඔහුට බර වාහන පැදවීමට වලංගු රියදූරු බළපත්‍රයක් නොමැති බවත් පොලීසිය  පවසයි.

මෙම අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු වන තේවත්ත හන්දිය ඌරගස්මංහන්දිය පදිංචි විසි හෙැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණ.ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *