අන්තරේ විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස්-ජල ප්‍රහාර

අන්තරේ විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස්-ජල ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය.
සයිටම් විරෝධී පා ගමනක නිරත වූ සරසවි සිසුනට පොලීසිය විසින් කොලඹ වෝච් පෙදෙස උසස් අඅද්‍යාපන අමාත්‍යංශය ආමන්නයේදී කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසිනි.

එම අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද පැවති අතර විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලීසිය දැනුම් දී ඇති බව සඳහන්යග

මහජන පීඩාවක් අති නොවන අයුරින් විරෝධතාවයේ යෙදෙන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ අතර පොලීසිය පවසන්නේ අධිකරණ නියෝග කඩ කල නිසා මෙම ප‍්‍රහාරය එල්ල කල බවයි.

විජේදාස රාජපක්‍ෂ මහතා උසස අධ්‍යාපන හා සංස්කෘතික ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය පළමුවැනිදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *