සීයක් පමණ රැගෙන බස් රථ 03ක් සාම්පූර් නිරෝධායනය කරා යමින් සිටියදී-අයෙක් මරුට : 29ක් රෝහලේ

අනතුරින් පුද්ගලයන් සීයක් පමණ රැගෙන බස් රථ 03ක් සාම්පූර් නිරෝධායනය කරා යමින් සිටියදී-අයෙක් මරුට : 29ක් රෝහලේ

වරකාපොල තැපැල් කන්තෝරුව අසල දී සාම්පූර් බලා ගමන්ගත් නාවික හමුදාවට අයත් බස් රථ 2 ක් සහ ලොරි රථයක් අද (15) මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රට රථ රියදුරු මියගොස් නාවික සෙබළුන් තිදෙනෙක් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වරකාපොල පොලිසිය කියයි

. නිරෝධායන සඳහා පුද්ගලයන් පිරිසක් රැගෙන යමින් සිටි බස්රථ දෙකක් හා ලොරි රථයක් වරකාපොලදී එකිනෙක ගැටීම හේතුවෙන් එක් අයෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම බස් රථ දෙක සාම්පූර් බලා ගමන් ගත් අතර එළවලු ලොරිය කොළඹ දෙසට ගමන් කරමින් තිබියදී අනතුර සිදුව ඇත.

මරණයට පත්ව ඇත්තේ එළනලු ලොරියේ රියදුරාය.

පුද්ගලයන් සීයක පමණ පිරිසක් රැගෙන බස් රථ 03ක් සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානය කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූ පිරිසෙන් 03 දෙනෙක් හමුදා සෙබළුව් වන අතර තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළු කර තිබේ.

අනතුරින් පසුව බස්රථවලට සිටි තුන් දෙනෙක් පලාගොස් ඇති අතර ඉන් දෙදෙනෙක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඉතිරි පුද්ගලයා සොයා පරීක්ෂණ සිදු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *