අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට
අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට
දෙහිඅත්තකණිඩිය පොලිස් වසමේ, සඳුන්පුර ලිහිණියාගම මාර්ගයේ උත්තලපුර ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ) සවස 4.30 ත් 5.00 අතර කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර්යාලය සඳහන් කළේය.
සඳුන්පුර දෙස සිට ලිහිණියාගම දෙසට ධාවනය වූ ටිපර් රථයක් හා ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අදාළ අනතුරින් යතුරුපැදියේ ගමන් කළ එකම පුවුලේ පියා, මව හා දරුවන් තිදෙනා තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි පියා සහ පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ නාමල් ප්‍රියන්ත නැමති 35 හැවිරිදි පියා සහ 14 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කවිදු සහ 10 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ පසිදු නැමති පුතුන් දෙදෙනාය.
අනතුරින් තුවාල ලබා සිටින මව සහ අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප්‍රථිකාර සඳහා පොළොන්නරුව රෝහවෙත මාරුකර යවා අති බව වාර්තා වෙයි.
අනතුරින් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කළ අති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථය සහ ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.