අධිවේගී මාර්ගයේ රිය අනතුරක් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු මරුට

වැන් රථයක නතර කර තිබුණු කන්ටේනර් රථයක ගැටීමෙන්

ගාල්ල අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැම්ම ප්‍ර දේශයේ දී  රිය අනතුරක් ඕස්ටේලියා ජාතික   05 ක් තුවාලයි.ඉන් දෙකෙක් මිය යයි. කොට්ටාව-ගාල්ල අධිවේගී මාර්ගයේ, කුරුදුගහ ප්‍රදේශයේදී අද  (20) අලුයම (05ට)  රිය අනතුරක් සිදුව ඇත. විදේශිකයින් පිරිසක් රැගත් වැන් රථයක නතර කර තිබුණු කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබු  කන්ටේනර් රථයේ රෝදයක හුලං බැස ඇති අතර එම රථයේ රියදුරු සහ රිය සහයක විසින් අධිවේගී මාර්ගයේදී ටයරය මාරු කරමින් සිටියදී විදේශිකයින් රැගත් වැන් රථය කන්ටේනර් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුරෙන් විදේශිකයින් සිවුදෙනෙක් ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා සිටිති. ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටිති.සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් නාගොඩ රෝහලටත් තවත් දෙදෙනෙක් ඇල්පිටිය රෝහලටත් ඇතුලත් කර ඇතිබව පොලිසිය කියයි.

මේ අනතුරින් තුවාල ලබා නාගොඩ හා ඇල්පිටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ඕස්ටේලියා ජාතික කාන්තාවක හා දරුවෙකු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *