අද (11) දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 625 ක්.
අද (11) දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 625 ක්.
කොවිඩ් ආසාදිතයින් 316ක් හඳුනාගනී
අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 316 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
අද (11) දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 625කි.
මෙරටදී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 15,350ක් වන අතර ආසාදිතයින් 5,121ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
සුව වූ ගණන 10,183කි.
මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 11,858ක් ලෙස සඳහන් වේ.