කටුනායක දී ලක්ෂ 37ක කුඩු ගමන් මල්ලෙන්

තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් තොගයක් අත් අඩංගුවට ගැනීමට කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය සමත්වී ඇත. මෙම හෙරොයින් තොගයේ වටිනා කම රුපියල් ලක්ෂ 37 කි. අද අළුයම 12.30 ට UL 407 ගුවන්යානයෙන් පැමිණි 54 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකු සතුව තිබූ ගමන් මල්ලක සුක්ෂම ලෙස සඟවා තිබී මෙම හෙරොයින් ග්‍රෑම් 370 ක ප්‍රමාණය සොයිගැනීමට හැකිවිය. සැකකරු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *