අදත් 2 න් පස්සේ ගිඟුරුම් සහිත වැසි-සමහර තැන්වලට උදේටත් වැසි

අදත් 2 න් පස්සේ ගිඟුරුම් සහිත වැසි-සමහර තැන්වලට උදේටත් වැසි

අද(10) සවස කාලයේදී දිවයින පුරා ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ බො‍හෝ පළාත්වල සවස 2.00න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද උදෑසන කාලයේදීත් වැසි ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව, ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවට දැනුම් දෙයි.
‍දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *