අදත් දකුණු පළාත් සභාවේ අවුලක් මන්ත්‍රිවරු වීථි බසිති.

අදත් දකුණු පළාත් සභාවේ අවුලක් මන්ත්‍රිවරු වීථි බසිති.

පළාත් සභා ඡන්ද නොපැවැත්වීම සම්බන්ධයෙන් රජයට විරෝධය පල කර දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී ෂම්මු ආරියවංශ මහතා සිය විරෝධය 23 පැවති දකුණු පළාත් සභාවේ දී ප්‍රකාශ කරමින් පළාත් සභාවෙන් නැඟිට ගොස් පළාත් සභාව ඉදිරිපිටට පැමිණ එහි දී නැවත සිය විරෝධය ආරම්භ කරන ලදී.

දකුණු පළාතක් සභාව 23 දින දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී දිගින් දිගටම රට තුල ඡන්ද කල් දමමින් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වලලන බව කියමින් පළාත් සභාව තුල අදහස් දැක් වු ආරියවංශ ෂම්මු මන්ත්‍රීවරයා විරෝධතා පුවරුවක් ද රැගෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟින් සභා ගර්භයෙන් පිටත් වු අතර ඉන්පසුව විරෝධතා පාඨ කියමින් සභාගර්භය තුලින් පිටතට පැමිණ දකුණු පළාත් සභාව ඉදිරිපිට තම විරෝධය ප්‍රකාශ කරන ලදී.

මෙහි දී අදහස් දැක් වු දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ මහතා,

අද මේ රට ඡන්ද නැති රටක් බවට පත්කරලා. හෙට අනිද්දා වෙන කොට උතුරු පළාත් සභාවත් විසුරනවා. ඇයි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරන්නේ. ජනතාවගේ පරමාදිපත්‍ය ය ජනතාවට ලබාදිය යුතුයි. ඒ පළාත් වල ජනතාවට මහජන නියෝජිතියින්ට අසාධාරණයක් වෙලා තියනවා. ජර්මන් තානාපතිවරයා මෙන්ම මැතිවරණ කොමිසමත් මෙයට විරෝධත්වය ප්‍රකාශ කර තියනවා. ආණ්ඩුව ජනාධිපතිවරයාගේ පැත්තටත් අනිත් අය වෙනත් පැතිවලටත් මේ බෝලේ පාස් කරමින් සිටිනවා. මේ හැම එකකින්ම සිදුවෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනීවල ගැඹුරට හෑරෙන එකයි.

දකුණූ පලාත් සභා ඡන්දය කල් දමන්නේ

මැතිවරණයේ සිතියම මුං හකුලන්නේ

ඡන්දය තියන්නයි අපි හැම ඉල්ලන්නේ.

කතිරයෙ බලය අපි උඹලට පෙන්වන්නේ

කටමැද දෙඩවු යහපාලනේ දැනගල්ලා

ඡන්දය කල්දමන හැටි ඇස්ඇර බල පල්ලා

යහපාලකයිනේ මේ බව දැනගල්ලා

වැඩිකල් නොගොස් නැගිනට නැව් හොයපල්ලා.

යන විරෝධතා කවි කියමින් ෂම්මු මන්ත්‍රීවරයා පළාත් සභාව නිමවන තුරු පළාත් සභාව ඉදිරිපිට සිය විරෝධය පල කරන ලදී.

මේ සදහා මන්ත්‍රීවරුන් වන අරුණ ගුණරත්න, ඒ.ජී.සී. පියසිරි, සරත් ද අල්විස්, කපිල දිසානායක යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *