අතුරු පාරෙන් ආව කැබ් රථය පාලනය කර ගන්න බැරිව නිවසක් තුළට යයි-අනතුරින් රංගේබණ්ඩාර රෝහලට

අතුරු පාරෙන් ආව කැබ් රථය පාලනය කර ගන්න බැරිව නිවසක් තුළට යයි-අනතුරින් රංගේබණ්ඩාර රෝහලට

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

අද(06) අළුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර නැමති වයස අවුරුදු 25 ක් වු තරුණයෙකි.

අනතුරට පත්ව ඇත්තේ වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය කියයි.

අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී ඇත.

අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *