අතුරුදන් වූ ධීවරයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම්

අතුරුදන් වූ ධීවරයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම්

මුලතිව් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී අතුරුදන් වූ ධීවරයින් තිදෙනා සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව ධීවර අමාත්‍යංශය පවසයි.

නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාවද ඒ සඳහා කටයුතු කරන අතර ධීවර අමාත්‍යංශයේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අවට මුහුදේ ගමන් කරන සියළුම නැව්වලටද මෙම ධීවරයින් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව නිවේදන හේතුවෙන් ධීවර කටයුතුවලින් වැලකී සිටින ලෙස ධීවර ප්‍රජාව වෙත දැනුම්දීම් සිදුකළ බවද ධීවර අමාත්‍යංශය පවසයි.

පසුගිය දින දෙක තුළ ධීවර ප්‍රජාවෙන් සියයට අනූ නවයක් පමණම එම උපදෙස් පිළිපදිමින් ධීවර කටයුතුවලින් වැලකී සිට ඇති බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේද පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදේ සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් ධීවර ප්‍රජාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *