අගමැතිට සුබ පතන්න පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමක් – ඒකාබද්ධ විපක්ෂය වර්ජනය කරයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔහුට සුභ පැතීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමක් අද (04) පැවැත්වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ සහ ඉකුත් මහ මැතිවරණයේ දී සහය දුන් පක්ෂවල මහජන නියෝජිතයින් ද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව පාර්ශ්වයනියෝජන කරන මහජන නියෝජිතයින් ද එහිදී අදහස් දැක්වීමට නියමිතයි.
කෙසේ වෙතත් තමන් මෙම රැස්වීම වර්ජනය කරන බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ.