ඔබටත් මෙම විශ්මිත දේශීය ඇස් වෙදකමේ අත්දැකීම් ලබා ගැනීමට හෝ ප‍්‍රතිකාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ගමන් මාර්ගය කෙටියෙන් මෙසේය වේයන්ගොඩ නගරයේ සිට කටුනායක මාර්ගයේ කිලෝමීටර 1.5 පමණ කටුනායක දෙසට පැමිණි විට හමුවන වටද්දර පුරාණ විහාරයට පැමිණීමෙන් මෙම වෙද හාමුදුරුවෝ මුණගැසිය හැක

සිද්ධිය වාර්තා වන්නේ 50 දශකයෙනි හිටපු කීර්තිමත් අගමැතිවරයකු වූ එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතාගේ බ‍්‍රිතාන්‍ය ජාතික මිතුරෙකුට දෘෂ්‍යාබාධයක් වැළඳුනි එරටදී බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ප‍්‍රතිකාර කළත් සුවකර ගැනීමට නොහැකි විය පසුව අගමැතිවරයා විසින් එවකට මෙම විහාරස්ථානයේ ඇස්වෙදකමේ යෙදී සිටි ගුණරතන හිමි හමුවට මිතුරා කැඳවා පැමිණියේය මෙම සුදු ජාතිකයා ඇසට ඖෂධ දැමීමට විරෝධය පලකිරීම නිසා පාදයේ මහපට ඇගිල්ලට බෙහෙත් බැඳීම සිදුකලේය මෙය සුදු ජාතිකයාගේ විවේචනයටද ලක්විය නමුත් කිහිප වරක් අකමැත්තෙන් හෝ ප‍්‍රතිකාර ලබාගැනීම නිසා ඇස් රෝගය තුරන්ව සම්පූර්ණයෙන් පෙනීම ලබාදුනි.

බ‍්‍රිතාන්‍ය රජයේ වැදගත් නිලයන් දැරූ එම සුදු ජාතිකයා මෙම සිදුවීම මහ රැජිනට ද දන්වා සිටි අතර අනතුරුව හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජිනගෙන් පවා වටද්දර වෙද පරපුරට සම්මාන ලැබිණි වටද්දර විහාරය මුල් කරගෙන මෙරට අක්‍ෂි වෙදකම පෝෂණය විය උඩුගම්පොල ගුණරතන හිමි උඩුගම සෝභිත හිමි වටද්දර පඤ්ඤාසාර හිමි මැටිකොටමුල්ලේ පඤ්ඤාලෝක හිමි යන වෙද හාමුදුරුවරු මෑත කාලයේ ප‍්‍රකටව සිටියහ

දේශීය වෙදකමේ මූලධර්මය පවතින්නේ ලෝකයේ සියළු රටවල මෙන්ම ශ‍්‍රී ලංකාව තුලද ප‍්‍රචලිත වර්ථමානයේ දියුණු යැයි සම්මතබටහිර වෛද්‍ය විද්‍යාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සුවය ලැබිය නොහැකි රෝගාබාධ සුව කිරීමට අපගේ දේශීය වෙදමහතුන්ට හැකියාව තිබුණි.

LankaABCnews weyangoda

එදා රාවණා යුගයේ සිට පැවතෙන හෙළ වෙදකම කැඩුම් බිඳුම්ඇස් සර්වාංග ගෙඩි සර්ප දෂ්ඨ කිරීම් ඇතුළු අංග ගණනාවක් ඔස්සේ මෙරට ජනතාවගේ නිරෝගී භාවය වෙනුවෙන් කළ මෙහෙය අපමණයබටහිර වෛද්‍ය විද්‍යාවට අපරටේ ජනතාව හුරුවී සියවස් ගණනක් ගතවී නොමැත 1505 වර්ෂයේ සිටයුරෝපීය ජාතිකයන් පැමිඛීමත් සමගම මෙරට දේශීය වෙදකමට දකණකොකා හැඞීය මෙම වෛද්‍ය ක‍්‍රමය පරම්පරා ගතව ඉදිරියට ගමන්කිරීම නිසා බොහෝ දැනුම සහ බෙහෙත් වට්ටෝරු අපට අහිමි විය පරිසර විනාශයත් සමගම එකල පැවති ඖෂධ වර්ග පවා ලංකාවෙන් පමණක් නොව මුළු ලෝකයෙන්ම වඳවී ගොස් ඇත.

ඉන්දියාවේ ආයුර්වේදය ද දේශීය වෙදකමේ පැවැත්මට බාධාවක් විය අද ද ආයුර්වේද විශ්ව විද්‍යාලය තුළ මෙන්ම වෙනත් ආයතන වල දහැදෑරීමට සිදුව ඇත්තේ එම ආයුර්වේදයයි දේශීය වෙදකම ට අත්ව ඇත්තේ ඉතා ඛේදජනක ඉරණමකි අද වනවිට දේශීය වෛද්‍ය විද්‍යාවේ ලොව මවිත කරන දැනුම හා බෙහෙත් වට්ටෝරු අපට නොමැත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ කැණීම් වලින් තහවුරුවී ඇත්තේ ජනතාවට ප‍්‍රතිකාර ගැනීම සඳහා අනුරාධපුර යුගයේ රෝහල් පවා ඉදිකර තිබූ බවය

දේශීය වෙදකම ආරක්‍ෂා කර ගැනීමට ලාංකිකයින්ට ක‍්‍රමයක් තිබුනේ නැත පරම්පරාගතව දැනුම ඉදිරියට පැමිණීම හේතුවෙන් විවිධ බාධා නිසා අඛන්ඩව එම දැනුම ඉදිරියට පැමිණියෙි නැතහෙළ වෙදකමේ දැනුම ලබාගැනීමට හෝ පර්යේෂණ තුලින් තවත් දියුණු කර ගැනීමට ක‍්‍රමයක් නොතිබුණි එකළ පමණක් නොව අද තත්වයද එසේමය අද වන විට අප රටේ හෙළ වෙදකම පවතින්නේ පරම්පරා කීපයක් යටතේය ඔවුන් මෙම වෛද්‍ය ක‍්‍රමය නොනැසී පවත්වා ගැනීමට නොමිලේ සේවාවන් කරනු ලබේ.

අතීතයේ සිට ඇස් වෙදකමට උපන් හපන් කම් දැක්වූ වෙද පරම්පරාවක් පිළිබඳව අදටත් වාර්තාවේ විශේෂත්වය වන්නේ වර්ථමානයේ එම අගනා වෛද්‍ය ක‍්‍රමය සග පරපුරක් සතුව පැවතීමය ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියනෑ කෝරලයේ වේයන්ගොඩ වටද්දර පුරාණ විහාරයට පැමිණිවිට අපට ඇස් රෝගාබාධ සුවකරමින් අමිල සේවාවක් සිදුකරන වෙද පරපුර සියැසින් දැක ගන්නට හැක් විය. මෙම වෙද පරම්පරාව අනුරාධපුර යුගය දක්වා අතීතයට උරුමකම් කියයි අනුරාධපුර යුගයේදී රාවණා යුගයේ සිට දැනුම සහිත වෙද පරම්පරාවක් අනුරාධපුරයේ වාසය කලේය එකල වලගම්බා රජ දවසයි අනුරාධපුරය සතුරන් ආක‍්‍රමණය කිරීම නිසා රජතුමාට නැවත සිංහලයින්ට රට ලබාගැනීම වෙනුවෙන් ෂතුරන් සමග සටන් කිරීමට සැගවී සිටීමට සිදුවිය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ විවිධ ස්ථාන වල සැගව සිටි රජතුමා මෙමසේථානයේ හා අවට දඩගමුව වාරණ මාළිගාතැන්න ප‍්‍රදේශවල වාසය කලේය එම රජතුමා සමග අනුරාධපුරයේ ඇස් වෙද පරම්පරාවේ කිහිපදෙනෙකම වටද්දර ප‍්‍රදේශයට පැමිණියේය එකල සිට මෙම ස්ථානයේ විහාරස්ථානයක් ද ඉදිවූ අතර විහාරය කේන්ද්‍ර කරගෙන අද දක්වා මෙම දැනුම අඛණ්ඩව ගලා ආවේයමෙම විහාරස්ථානය ප‍්‍රදේශයේ අනෙක් ස්ථාන වලට වඩා උස් ගල් තලාවක් ආශ‍්‍රීතව ඉදිවී තිබීම ද ජනප‍්‍රවාද තහවුරු කිරීමට ලැබෙන එක් සාක්‍ෂියකි අනෙක් සාක්‍ෂිය වන්නේ ඔවුන් සතුව පවතින රහස් බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොල ග‍්‍රන්ථයන්වේ.

එකල සිට මෙම සග පරපුර මෙරට වාසීන්ගේ නෙතට පණ දීමට ගත් වෙහෙස මිල කළ නොහැකි තරම්ය මෙම වෙදපරපුරේ වර්ථමාන උරුමක්කාරයා වටද්දර පුරාණ විහාරයේ විහාරාධිපති මාඉඹුලේ නන්දාරාම  හිමියන්ය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් රහස් බෙහෙත් වට්ටෝරු වලට අනුව නිපදවන ඖෂධ විවිධ දෘෂ්‍යාබාධ වලට ලක්වූවන්ගේ ප‍්‍රතිකාර සඳහා භාවිත කරනු ලැබේමෙම පරම්පරාවේ ඇස් වෙදකම පිළිබඳව අප මෑත අතීතයේ සිට පමණක් උදාහරණ ගෙන කථා කරමු මේ එවන් එක් සිද්ධියකි

සිද්ධිය වාර්තා වන්නේ 50 දශකයෙනි හිටපු කීර්තිමත් අගමැතිවරයකු වූ එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතාගේ බ‍්‍රිතාන්‍ය ජාතික මිතුරෙකුට දෘෂ්‍යාබාධයක් වැළඳුනි එරටදී බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ප‍්‍රතිකාර කළත් සුවකර ගැනීමට නොහැකි විය පසුව අගමැතිවරයා විසින් එවකට මෙම විහාරස්ථානයේ ඇස්වෙදකමේ යෙදී සිටි ගුණරතන හිමි හමුවට මිතුරා කැඳවා පැමිණියේය මෙම සුදු ජාතිකයා ඇසට ඖෂධ දැමීමට විරෝධය පලකිරීම නිසා පාදයේ මහපට ඇගිල්ලට බෙහෙත් බැඳීම සිදුකලේය මෙය සුදු ජාතිකයාගේ විවේචනයටද ලක්විය නමුත් කිහිප වරක් අකමැත්තෙන් හෝ ප‍්‍රතිකාර ලබාගැනීම නිසා ඇස් රෝගය තුරන්ව සම්පූර්ණයෙන් පෙනීම ලබාදුනි.

බ‍්‍රිතාන්‍ය රජයේ වැදගත් නිලයන් දැරූ එම සුදු ජාතිකයා මෙම සිදුවීම මහ රැජිනට ද දන්වා සිටි අතර අනතුරුව හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජිනගෙන් පවා වටද්දර වෙද පරපුරට සම්මාන ලැබිණි වටද්දර විහාරය මුල් කරගෙන මෙරට අක්‍ෂි වෙදකම පෝෂණය විය උඩුගම්පොල ගුණරතන හිමි උඩුගම සෝභිත හිමි වටද්දර පඤ්ඤාසාර හිමි මැටිකොටමුල්ලේ පඤ්ඤාලෝක හිමි යන වෙද හාමුදුරුවරු මෑත කාලයේ ප‍්‍රකටව සිටියහ

ඒ ගුරු හාමුදුරුවන්ට අනුව යමින් රාවණා යුගයේ සිට රැගෙන ආ හෙළ දැනුමට හා රහස් බෙහෙත් වට්ටෝරු වලට වෙදකම් කරන වත්මන් විහාරාධිපති මාඉඹුලේ නන්දාරාම හිමිගේ ඇස් වෙදකම විශ්මිතය මෙරට පමණක් නොව විදේශීය රටවල ද උන්වහන්සේගේ වෙදකම ප‍්‍රකටය උදෑසන සිට වැල නොකැඞී එන ජනතාවගෙන් ඒබව පැහැදිලියඋන්වහන්සේගේ ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ පැරණි රහස් බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොල ග‍්‍රන්ථ අනුවය එම ඖෂධ සකසන්නේ ද දර භාවිත කරමින් පැරණි ක‍්‍රමයටය පරිසර විනාශයත් ජනගහන වර්ධනයත් සමග ඖෂධ සඳහා භාවිත කරනු ලබන ශාක හි`ග වීමෙන් ඒවා සොයා ගැනීමට උන්වහන්සේට නිරන්තරයෙන් මහත් වෙහෙසක් ගැනීමට සිදුවේ එම ශාක තිබෙන ස්ථාන වලට ගොස් මෟෂධ ශාක බව තහවුරු කරගැනීමෙන් පසු ඒවා ලබාගැනීම සිදු කරනු ලැබේ මෙය මහත් වෙහෙසකර ක‍්‍රියාවකි

මෙම ඖෂධ සකස් කිරීමට ද බොහෝදුරට උරදී ඇත්තේ විහාරස්ථානයේ භීක්‍ෂූන් වහන්සේලාය උන්වහන්සේලාට මෙම ඖෂධ සකස් කිරීම ඇස් වෙදකම පිළිබඳව හැදෑරීමට ද අවස්ථාවක් උදාකර දී ඇත එයද මෙම වෙදකම නොනකැසී ඉදිරියට පවත්වාගෙන යාමට මහත් උපකාරයකිදායකයින් ඖෂධ සකස් කිරීමේ ක‍්‍රියාවලියට ශ‍්‍රම දායකත්වය ලබාදෙන අතර එය මහත් පිං ලැබෙන ක‍්‍රියාවකි
බටහිර වෛද්‍ය විද්‍යාවේ අනෙකුත් රෝග වලට ප‍්‍රථිකාර සේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇස් වෙදකමේ ද රෝග ශරීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් නොකෙරේ සිදුවන්නේ රෝගය යටපත් කිරීම පමණකි නමුත් දේශීය ඇස් වෙදකමේ දී රෝගය සම්පූර්ණයෙන් සුව වන බව උන්වහන්සේ ප‍්‍රකාශ කරයි.

 අද වර්ථමානයේ දැකිය හැකි සුලභම රෝගය ඇසේ සුද මතුවීමය එයට බොහෝ ජනතාවගේ විසඳුම වී ඇත්තේ ශල්‍යකර්ම මගින් අක්‍ෂි කාච පැළඳවීමයනමුත් උන්වහන්සේ ප‍්‍රකාශ කරන්නේ ශල්‍යකර්ම මගින් අක්‍ෂි කාච පැළඳවීමෙන් තොරව එම දෘෂ්‍යාබාධය සම්පූර්ණයෙන් සුව කර ගත හැකි බවයි මෙසේ ප‍්‍රතිකාර කර සුවය ලැබූ පුද්ගලයන් ද ඇතවිශේෂයෙන් මාඉඹුලේ නන්දාරාම හිමියන් පවසා සිටින්නේ බොහෝ දෘෂ්‍යාබාධ ඇතිවූ විට මිනිසුන් ඇස්කණ්ණාඩි සාප්පුවට ගොස් කණ්ණාඩි පැළඳීමට හුරුවී ඇති බවය මෙමගින් පෙනීම ලබා දුන්නත් රෝගය හඳුනාගෙන සම්පූර්ණයෙන් සුවය ලබාදීමට නොහැකි බව පවසන උන් වහන්සේ මෙම හෙළ විශ්වකර්ම වෙදකමින් සම්පූර්ණයෙන්ම සුවය ලබාදිය හැකි බව ද ප‍්‍රකාශ කරයි.

උන්වහන්සේ අද වනවිට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි රෝග වලට ප‍්‍රතිකාර ලබා දී නෙතට පණදුන් අවස්ථා බොහෝය
ඒබව උන්වහන්සේගෙන් ප‍්‍රථිකාර ලබාගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන් හා කථා කිරීමෙන් සාක්‍ෂාත් වනවා ඇත
මේ එවන් වදන් කීපයකි

‘‘ මහත්මයා මම ආවේ කෑගල්ලේ ඉඳලා ඇසේ සුද ඇවිල්ලා පෙනීම එන්න එන්නම අඩු වුනා ඉස්පිරිතාලේ ගිහිල්ලා කාච දාන්න ෂල්ලි නැත්කමට නොවෙයි අපේ ඇස් වෙද හාමුදුරුවන් ගැන මට විශ්වාසයි දැන් බොහෝදුරට හොඳයි ’’මෙම අදහස් අපට ප‍්‍රකාශ කලේ වයස අවුරුදු 60 ක පමණ මවක් මෙම වෛද්‍ය ක‍්‍රමය අනුව මුදලට ප‍්‍රතිකාර කිරීම උන්වහන්සේ ප‍්‍රතික්‍ෂේප කරයි ඖෂධ නිශ්පාදනය සඳහා වැයවන මුදල පමණක් රෝගීන් ගෙන් ලබා ගනීවිශාල වශයෙන් රෝගීන් පැමිණෙන නිසා උන්වහන්සේගේ ජීවිතය ඉතාමත්ම කාර්ය බහුලය නහුත් ගමේ දායකයින්ට සිදු කළයුතු සේවාව ද කිසිදු අඩුවකින් තොරව සිදු කිරීමට උන්වහන්සේ වගබලා ගනී මාඉඹුලේ නන්දාරාම හිමියන් ගමට රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම වටිනා සම්පතකි.

ඔබටත් මෙම විශ්මිත දේශීය ඇස් වෙදකමේ අත්දැකීම් ලබා ගැනීමට හෝ ප‍්‍රතිකාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ගමන් මාර්ගය කෙටියෙන් මෙසේය වේයන්ගොඩ නගරයේ සිට කටුනායක මාර්ගයේ කිලෝමීටර 1.5 පමණ කටුනායක දෙසට පැමිණි විට හමුවන වටද්දර පුරාණ විහාරයට පැමිණීමෙන් මෙම වෙද හාමුදුරුවෝ මුණගැසිය හැක
දුරකථන – 071 4493350 077 7893350 033 2287412

Leave a Reply

Your email address will not be published. Required fields are marked *